ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08
Showing posts with label කිරි ආතා ගේ කතා. Show all posts
Showing posts with label කිරි ආතා ගේ කතා. Show all posts

Tuesday, October 7, 2014

එහෙම පුළුවන් ද?

 (04/10/2014 සෙනසුරාදා ප්‍රචාරය කල ලිපියේ යාවත්කාලීන කිරීමකි)
අද නිවාඩු නිසා දවල්ට බඩ පිරෙන්න කාලා පොඩි ඇලට් එකක් දැම්මා. ඒක තමයි ඇලට් එක!!!
ඔන්න කාලෙකට පස්සෙ ආතගේ භූත ලෝකෙන් මැසේජ් එකක් ආපි!

මාර වැඩේ... ආතා හිරේ ලු.

මාත් ඉතින් ඥාති සංගිරහය දන්න මිනිහා වෙච්චි. අහක බලං ඉන්න ඇහිකියැ.දැම්ම විසිට් එකක් ඒ ලෝකෙට.

වැඩේ කියන්නෙ මං ඒ ලෝකෙට යද්දි මෙන්න ලෝයර් කෙනෙක් වෙලා. සන්තෝසයි නේ?

මම කෙලිංම කේස් එක බාරගත්ත..

වැඩේ සීරියස්.

Wednesday, March 5, 2014

අපෘෂ්ඨවංශී, ජනහිත කාවී,රට උලා කාපී සම්මානය දෙමුදෝ කාට?

අයි.ටි.එන් නිවුස් නැරඹීමෙන් පසු රෑ දහයට පමණ මා ඇඳට වැටුනේ සුවසේ නිදා ගැනීමේ අරමුණිනුයි.
කෙතරම් සුන්දර රටක අපි ජීවත් වන්නෙමු ද?සියල්ලට ම වඩා රට ගැන සිතන කාසිවාසි දෙස හොරැහිනවත් නොබලන උත්තමයින් නිරතුරු අපි රකිති.ඉතින් අපි කුමට බිය වෙමු ද?

කසඩ විපක්ෂ බලවේග රටට එරෙහි වීමට විටින් විට බලති(ඡන්ද කාලවල) උන් පට්ට පතුරු ගැසිය යතුය. ඒත් ඒ අමනයින් පක්ෂයට ආ කල, අහෝ! නැත.. උන් එසේ එන විට දුෂ්ඨ හැව විපක්ෂයේම දමා එන නිසා මල් තියා වැඳ පිළිගත යුතුය. මහින්ද අ‍(බේ)සුන්දර මහත්තයා මේ සියල්ල මනා ලෙස පැහැදිලි කර දෙන නිසා ගොනාට උනත් තේරෙන්නේය. ඒ පිනෙන්ම ඔහු අවීචිමහා දිව්‍යලෝකයට යනු ඇත.
(ලංකාව=ආශ්චර්යය,අවීචිය=දිව්‍යලෝකය)

එසේ සිතමින් නිදාගත්තෙමි.

බූ...හහ් හා....

Thursday, December 6, 2012

කිරි ආතා‍ ගේ කතා

ඕන්න ගොඩකාලෙකට පස්සේ කිරි ආතා ඊයේ රැ මට හීනෙන් පෙනුනා.ඉතිං එයායි මායි පුංචි චැට් එකක් දැම්මා.මේ පෝස්ට් එකේ තියන්නේ මට උදේ අවදිවෙද්දි මතක තිබුනු කොටස විතරයි.ඕං කියවලා බලන්නකෝ....

ආතා: හහ් හහ් හා.........!!!
මං: ග්හෑ.... මේ මොකෙක් ද?

Tuesday, May 15, 2012

කිරි ආතා ගේ කතා

එලොව ගිය අපේ කිරි ආතා ඉදහිට මට හීනෙන් පෙනෙන්නේය. එසේ පෙනීසිටින ඔහු මනස්ගාත දොඩවන්නේය. අදසිට ඒ බහුභුත ටිකක් ඔබටත් කියන්නට මට හිතුනේය.කිරිආතා කී දේ ලියනවා මිස මා හිතා ලියන මගුලක් මෙහි නැත. ඒ නිසා මේ ලියන දෙවල්වල වගකීම ඔහු බාරගතයුතුය. ගැටළුවක් ඇත්නම් මළඋන් ගෙන්වන තැනකට ගොස් අපේ කිරි ආතා සිහිකරගෙන සිට ඔහු ගෙන්වා ප්‍රශ්න කරත්වා!


සිහින අංක 01

ආතා:
භූ හහ් හහ් හා.... පොඩි මුණුපුරෝ උඹ නිදිද?.... ෂැහ් ඇහුවෙම ගොං ප්‍රශ්නයක් නෙව.නිදි නැත්නං හිනෙට කනෙක්ට් උනේ කොහොමද?