ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Tuesday, October 7, 2014

එහෙම පුළුවන් ද?

 (04/10/2014 සෙනසුරාදා ප්‍රචාරය කල ලිපියේ යාවත්කාලීන කිරීමකි)
අද නිවාඩු නිසා දවල්ට බඩ පිරෙන්න කාලා පොඩි ඇලට් එකක් දැම්මා. ඒක තමයි ඇලට් එක!!!
ඔන්න කාලෙකට පස්සෙ ආතගේ භූත ලෝකෙන් මැසේජ් එකක් ආපි!

මාර වැඩේ... ආතා හිරේ ලු.

මාත් ඉතින් ඥාති සංගිරහය දන්න මිනිහා වෙච්චි. අහක බලං ඉන්න ඇහිකියැ.දැම්ම විසිට් එකක් ඒ ලෝකෙට.

වැඩේ කියන්නෙ මං ඒ ලෝකෙට යද්දි මෙන්න ලෝයර් කෙනෙක් වෙලා. සන්තෝසයි නේ?

මම කෙලිංම කේස් එක බාරගත්ත..

වැඩේ සීරියස්.
අපේ එකා භූතයෙක් චුත කිරීමේ චෝදනාවට තමයි අච්චු කරලා තියන්නේ. එහේ ඒක බරපතල සිද්ධියක්.

මම යනකොටත් ආතට අච්චු කරලා මාස 03ක් වෙනවා. මෙන්න බොලේ එක සැරේම භූත නිවුස්වල කියපි අළුත් නීතියක් ගෙනල්ල කියලා. ඒකෙ විදියට එක භූතයෙක් චුත කිරීම වරදක් නෙවෙයි ලු.

ඔන්න පොට!!

මම දැම්ම ඇපෑලක්... අපේ එකාව අළුත් නීතියේ හැටියට වැරදිකරුවෙක් නොවේ නිවැරදිකරුවෙක් කියලා. වන්දිත් ගතහැකියි වගේ!

තීරක මන්ඩලේ ඇපෑල බාරගත්ත කියමුකෝ.අනිත් පැත්තේ ලෝ භූතයා ගේම ඉල්ලගෙන ආවෙ නැතෑ.(කාමරයක් දීල ෂේප් වෙන්න බෑ ගේම ඉල්ලනවා නෙව)

මමත් අත ඇරියෙ නෑ...  හෙන පොරනේ!

තීරක මන්ඩලේ වැඩේ කල් දැම්මා.

ඊට පස්සෙ නේ හොඳම වැඩේ වුනේ... දැන් ඔය කේස් වලටම හිරේ ගිය අනිත් එව්වොයි,නොගිය එව්වොයි,සදානොයන එව්වොයි තැන තැන සෙට්වෙලා කයිය ගහන්න පටන්ගත්තා. 

වෙන වැඩක් නෑ දැං. 

පමණක් උන් මට පක්ෂයි අනික් එවුන් අරුන්ට පක්ෂයි. පමණක් එවුන් තර්ක කරලා කරලා කෙස් පැලිලා මහ විකාරයක් වෙලත් තිබුනා.පව්!

ආයිත් නඩුව කතා කරා ... මම .. දන්නැද්ද... දැම්මා ඒ ලෝකෙ නැති තර්ක.. දුන්න ඊට ඉහල ලෝකෙ උදාහරණ. නීති වෙනස්වෙන හැටි එහෙම! අන්තිමේ අනිත් ලෝ භූතයා එලෝ මෙලෝ නැතිවෙලා දෙපැත්ත පූට්ටුවෙලා අතුරුදන් වුනා.

මම ආතව අරන් එළියට අවා. එහෙම පුළුවන් ද අපේ එවුන් හිරේ දාන්න... අර කයිය ගහපු සේරම මෙන්න අපිව උඩ දාන්න පටං ගත්තා. දැං විරුද්ධ එකෙක්වත් නෑ.

එක පාරටම මට නිකං තරු තරු වගේ පේන්න ගත්ත. ඇස් ඇරියාම නේ දැක්කේ අම්මා කොස්සත් අතේ තියං මං දිහා බලාං ඉන්නවා.

“ඇ බොල ගොනෝ උඹ බත් මුට්ටියක් දෙසා බාලා සැතපිලා හීන බලන්නේ අර තාත්තට ටිකක් උදව්වෙයං කෝ,ඒ මිනිහා දවස තිස්සෙම අර කොරටුවෙ නහිනවා.”

අම්මගේ සද්දේට ද වැදුනු පාරට ද මන්ද මගේ ඔළුවත් රිදෙනවා... තෝන්තුව වගේ... මං පව් නේ!

No comments:

Post a Comment