සිදුවූයේ කුමක් ද? සිදුවන්නට යන්නේ කුමක් ද? අපි ඒ ගැන සිතිය යුතු ද? ලියන්නට බොහෝ දේ ඇත... ලියා වැඩක් තිබේ ද? මේ රට මේ ඔලමොට්ටල දේශපාලකයන් සමඟ ගොඩනැගිය හැකි ද? කිසි දා නොහැකිය.
සියල්ලෝම එකය....
පසුගිය ජනවාරියේ අපි සිදුකලේ "මැක්කන් මැරීමට බල්ලාට වෙඩි තැබීම" යැයි අන්තර්ජාල සටහනක් දුටුවෙමු. ඒත් බල්ලා තවමත් මැක්කන් සොයාගොස් ඇඟේ දමාගනිමින් සිටිනු පෙනේ.... බල්ලා ද හැදෙන පාටක් නැත.
මැක්කෝ ද බල්ලන් නැත්නම් නරින්ගේ ඇඟේ හෝ එල්ලී දිවි ගැටගසා ගනිති.අපි හැමදාම එක්කෝ බල්ලෝ නාවති නැති නම් නරි නාවති. එක අතිකට බල්ලා නෑවීම වරදක් නොවේ යයි කෙනෙකුට කිව හැක.ඒ ඌ බොරුවට හෝ සොරු දුටුකල බුරන නිසාය.
ඒත් නරි නෑවීමේ පලක් තිබේ ද?
අපි ඌ නාවා අත පිස දා හැරෙන විටත් උෟ බැද්දේ පෙරළෙමින් දහ ජරාවක් කමින් සිටිනු දැකිය හැකි වන නිසා ය.
ලගදී දිනක අපිට නැවතත් වතුර,සබන්,ෂැම්පු ද ලබා දෙනු ඇත. අපි සරම් කැසපට ගන්වා පෙලට එන නරි ද බල්ලෝ ද නහවමු! ඉන්පසු කුකුල් කොටුව බලා ගැනීමට උන්ට බාර දෙමු... එවිට බල්ලන්ට හොරා නරි ද (මෙවන් වැරදි නිසගයෙන්ම නරින් පිට පැටවිය හැකි නිසා) නරින්ට හොරා බල්ලන් ද කුකුල් කොටුව බුක්ති විඳින හැටි අපිට අර සබන් ම කකා බලා සිටිය හැක.
නැවත ද බල්ලන් හා නරින් තර වු කල මැක්කන් ද ඉබේ ම බෝවී දෙපාර්ෂවයේම සාරය උරමින් යෙහෙන් කල් ගෙවනු ඇත.
ඉන් පසු බල්ලන් හා නරින් සමාන යයි ද අපි වෙනස්ම සුන්දර සතුන් කොටසක් යැයි ද පවසමින් වෘකයින් අපි හමුවට එනු ඇත. අපි උන් විමසා බලා දැනට මැක්කන් වැඩිය වසා නැති හෙයින් ඉතුරු කුකුලන් බලා ගැනීමට උන්ට පවරනු ඇත.
සෑහෙන කලක් සුදාගින්දරේ පසුවු වෘක රැළ කුමක් කරනු ඇති ද?
Showing posts with label කිරි කෝඩු හිතට. Show all posts

Friday, April 3, 2015
Sunday, January 25, 2015
ඇයි අපි ඔටුවො ද?
ලබන 29වන දා(29/01/2015) ගෙන එනු ලබනවා යයි කියන අතුරු අයවැයෙන් රජයේ සේවකයන් සඳහා රු5000ක පමණ වැටුප් වැඩිකිරීමක් සිදුවන බව අසන්නට ලැබේ. එය විශිෂ්ඨ ක්‍රියාවකි. අපි එය අගයමු.
ඒ අනුව 1200000කට ආසන්න රජයේ සේවකයන් 29 දාට පසු සිට රු 5000ක හයියක් ඇතුව කඩපිලට යනු ඇත.
නව ජනපති හා නව රජය ඔය සිටිනා තැන තැබුවේ රාජ්‍ය සේවකයන් පමණ ද? 5000000කට අධික පෞද්ගලික සේවකයන් ඡන්දය දුන්නේ නැති ද? ඔවුන්ට කන්න බොන්න බඩුමුට්ටු ගැනීමට වෙනම තැනක් තිබේ ද? ඔවුන් ද ඒවා ගතයුත්තේ අනිකුත් අය ගන්නා මිලට,එම වෙළඳසැල් වලින්මය.
ඉතා අඩු වැටුප් යටතේ සිය රුධිරය දහදියට හරවමින් විටෙක රජයේ සේවකයාටත් වඩා සිය උපන් බිම වෙනුවෙන් සේවය කරනා පිරිසකි පෞද්ගලික අංශ සේවකයා. ජනපතිතුමනි,ඔවුන් ද ඔබේ රටවැසියන්ය.!
"රජයට පෞද්ගලික අංශයේ වැටුප් නියාමනයට බලපෑම් කල නොහැකිය-ඉල්ලීම් පමණක් කල හැකිය" මෙය පෙර රජයත් වත්මන් මුදල් ඇමතිත් කෙඳිරූ හා කොඳුරන අපබ්‍රංශයයි.
රටක්තුල පවතින එක්තරා ව්‍යුහයකට බලපෑම් කරන්නට ඒ රට කරවන්නට ඒ රට වැසියා බලයදුන් පිරිසටවත් නොහැකි නම් සැබෑ බලවතුන් කවුද?
මුදල් ඇමති ව්‍යාපාරිකයෙක් විය හැකිය.. ඒත් එය වෙනම කරුණකි.
අපි සියළු පෞද්ගලික අංශ සේවකයින්ට එක සමානව වැටුප් වැඩිකිරීමට නියෝග කරන්න යයි ඔබට නොකියමු.එය සුළු පරිමාණ ව්‍යාපාරවලට කල නොහැක. අපි කියන්නේ විශේෂයෙන් 2007 අංක 07 දරණ සමාගම් පනත යටතේ ලියාපදිංචිකර ඇති ආයතන පිලිබඳ අවදානය යෙමු කරන ලෙසයි.
එහි දී ද ආයතනයේ සත්‍ය පිරිවැටුම(Turnover) මත(එය අධීක්ෂණය කිරීමට මීට වඩා බලවත් නීති හා රෙගුලාසි අවැසිය)
එහි සේවක වැටුප් සේවක ශ්‍රේණි අනුව ප්‍රතිශතාත්මකව වැඩිකල යුතු ක්‍රමවේදයක් සකසන ලෙසයි.(ඉන්ධන මිල සූත්‍රය/විදුලි සූත්‍රය වැනි)එසේම පිරිවැටුම මත අවම මූලික වැටුපද තීරණය කල යුතුය.(පිරිවැටුම වාර්ෂිකව වෙනස් වේ නම් ඒ සඳහා ද පරාසයක් නියමකල හැක.)
නීති නැති නම් නීති සෑදිය යුත්තේ ඔබලාම නොවේ ද? ඒ සඳහා පරම බලය,ජනතාව ඔබට පැවරූවේ බකංනිලා සිටීමට නම් නොවේ.අපි අපේ අන්තර්ජාල වියදම් පුද්ගලිකව දරමින් දිවා රැ ස්වයං ප්‍රචාරක යාන්ත්‍රන දියත්කලේ "කසන" නිසා නොව වෙනසක් අවැසි නිසාය.
දැනට වඩා රජයේ විගණන අංශ මේ ආයතනවල වත්කම් නියාමනය කලයුතුය.
රටේ ධනය සොරාකෑ පාලකයන් සොයායන ඔබ රජය, පුද්ගලික අංශයේ සේවකයාගේ සාරය උරාගනිමින් ධන උල්පත්වල කිමිදෙන කුවේරයන් පිලිබඳ සොයන්නේ කවදා ද?
එය නම් ශ්‍රී ලාංකික අපිට දවල් හීනයක් ම වනු ඇත.
www.kiripeni.blogspot.com- MW Team

Saturday, January 10, 2015
වෙනස කලෙමු
ජනාධිපතිවරණය අවසන්,නිල ප්‍රතිඵල අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජයගෙන තිබේ.අපේ මත විමසුමද එ් අනුව නිවැරදිය.
ඒ ගැන කතා කර වැඩක් නැත. දැන නව ජනපති දිවුරුම් දී අවසන්ය.ඔහු නව අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ. දෙදෙනාටම සුබ පතමු.!
දැන් තමයි වැඩේ...
දින 100ක ප්‍රතිපත්ති ප්‍රකාශයක්,වැඩ පිලිවෙලක් ඔබ දෙපල ඉදිරියේ ඇත.ඔබට ඡන්දය දුන් ජනතාව එහි ඉස්පිල්ලක් පාපිල්ලක් දක්වා ඉටුකරනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිටී.ඉන් ස්වල්පයක් හෝ අපගමනය වනවාට ඔවුන් අකමැතිය. අපි ද අකමැතිය...
මන්දයත්?
අපි මතවාදී ලෙස ඔබට හිතවත් වූ ප්‍රචාරන ව්‍යාපාරයක නියැලී සිටි බව මේ කියවන පිරිස හොඳින් දන්නා නිසාය.අපි ඔබේ මතවාදය සුදුසුයයි විශ්වාස කරමු.
නමුත් හිටපු ජනපතිතුමන් ගේ අතිශය අගයකලයුතු ගුණාංග තිබූ බව අපි අදටත් කියමු... යුද්ධය දිනාදුන් සේනාධිනායකයා පරජය වූයේ නැත.සුළු පසු බෑමක් සිදුවුවා පමණි. මෙි රටේ මිනිසුන් ගුණමකු නැත.ඒත් ජනතාව ට වත්මනේ අවශ්‍ය දේ වටහා නොගත් බැවින් එතුමාව ටිකකට විඩානිවීමට තැබුවා වැනිය.
නව ජනපතිතුමනි,
ඔබතුමන් බලයෙන් හිස උදුම්මා නොගනු ඇතැයි ද, තම වගකීම්,ජනතා බලාපොරොත්තු ඉටුකරනු ඇතැයි ද අපි විශ්වාස කරමු.
නැතහොත් රටට මෙපමණ සේවයක් කල මහින්ද මහත්තයාට සිදුවූ දේ දසගුණයකින් ප්‍රවර්ධනය වී ඔබ ඉදිරියට එන බව ඉතා ගෞරවයෙන් සිහිපත් කර තබමු.
"ඔබ රටේ හිමිකරු නොව තවෙකාලික බාරකාරයා පමණි" නිතර සිහිකරන්න.
ඔබට දීර්ඝායු වේවා!!!

Saturday, January 3, 2015
මහින්ද නැති කලෙක අපි?
ජනපතිවරණයට තව ඇත්තේ දින
කිහිපයකි.මහින්ද රාජපක්ෂ මහතාත් මෛත්‍රීපාල සිරිසේන මහතාත් මේවනවිට කරට කර සටනක
නිමග්නවී සිටී. මේ අතර දෙපසටම අතිශයින්ම අප්‍රසන්න අවලං පැනිලි රැසක් ද සිදුවී හා
සිදුවෙමින් තිබේ.
මහජනතාව ප්‍රධාන සාධකය
විය යුතු තැනක ඔහු විපරීතවු මනසකින් යුතුව අන්දුන් කුන්දුන් ව බලාසිටී.
මහින්ද රාජපක්ෂ මහතාට
සහය පලකරන පිරිස් පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා වටා සිටින පිරිස් විශ්වාස කල
නොහැකි බවත් රටබෙදීමට කටයුතු කරන පිරිසක් බවත් ය. විශේෂයෙන් මුස්ලිම් ජන නියෝජිතයන් හා දමිල ජන නියෝජිතයන් මෛත්‍රීපාල සිරිසේන මහතාට
සහාය පලකරනුයේ සිය ස්වයංපාලන අයිතිය දිනාගැනීමට බවයි.
ඒත්...
මේ ඉහත කී පිරිස මහින්ද
රාජපක්ෂ මහතාට සහාය පලකල සමයේදී සහ තවදුරටත් සහාය පලකලේ නම් හෝ ඔවුන් තවදුරටත්
බෙදුම්වාදීන් නොවිය හැකිය. ඒ අනුව මෙවර නොව කවර වරෙක හෝ මහින්ද රාජපක්ෂ මහතා නමැති
පොදු සාධකය නොමැති නම් මුස්ලිම් ජන නියෝජිතයන් හා දමිල ජන නියෝජිතයන් සිංහල ජන නියෝජිතයන් හා
එක්ව කටයුතු කල නොහැකි නොවේ ද? සහජීවනයක් කවදා ඇති වෙයි ද?කිසි කලෙක මහින්ද
රාජපක්ෂ මහතා නොමැතිව ශ්‍රී ලංකාව නම් රාජ්‍යට පැවැත්මක් නැතිවනු ඇත.
ගැටළුව....
කිසිවකු සදාකාලික නොවීමයි.
සියළු සංස්කාරයෝ නැසෙන සුළුය.
ලාංකික ජනයා දේශපාලනිකව
අවස්තිථියට ලක්ව තිබේ. එනම් දැන් මේ චලනය වන දේශපාලන රටාව වෙනස් කිරීමට හෝ නිශ්චල
වීමට අකමැති වීම හා එයට කැමති වුවත් ඇති කර ඇති බිය නිසා එයට යොමු නොවීමයි.
කවදා කවුරුන් මෙය වෙනස්
කරයි ද? එය කලයුත්තේ පිටස්තර බලයකින් නොවන බව තේරුම්ගන්නේ කවදාද?
මෛත්‍රීපාල සිරිසේන මහතා
ඒ වෙනස කිරීමට පැමිනි ඉටු දෙවියා යයි අපි නොසිතමු,නොකියමු. වරෙක කියන දේ ඊලඟ
මොහොතේ වෙනස් කරන සුළු චරිත ස්වභාවයක් ඇති ඔහු පුද්ගලිකව විශ්වාස තැබිය හැකි අයෙකු
නොවේ.
නමුත්...
ඔහු යම්ලෙසකින්
අත්තනෝමතික ලෙස කටයුතු කරගෙන යනු ලැබුවහොත් ඔහු වටා සිටින විවිධ බලවේග විසින්
යම්තරමිකින් ඔහු බැඳතබනු ඇතැයි දැනට වඩා විශ්වාස කල හැකිය.
අපි දැන් අඳුරු
වනාන්තරයක මායිමට පැමිණ තිබේ පසුපසින් ඇත්තේ නිරුදක කතරකි. කතර පිලිබඳ අපි දනිමු.
වනාන්තරය අඳුරය,නමුත් එහි ජලය හා අහර තිබිය හැක.වගවලසුන්,මරුවැල්,අමනුෂ්‍යන් ද
සිටිය හැකිය. කලයුත්තේ ඉදිරියට පියවරක් තබා බැලීම ද? ආපසු හැරීම ද?
තීරණය ඔබ සතුය...
Saturday, December 6, 2014
මීලඟ ජනපති කවුද?
2015 ජනවාරි මස 08 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පූර්වගාමීව පැවැත්වෙන විද්‍යුත් මත විමසුම.
"කිරිපැණි" අපි මතවාදී ලෙස කුමන පාර්ශවයක සිටියත් සෑම විටම ඔබේ නිදහස් මතයට ඉඩදුන් බව ඔබ දන්නවා.ඒ අනුව යමින් එළැබෙන ජනපතිවරණයේදී ජය කාට හිමිවේදැයි මත විමසුමකින් සොයාබලන්න අපි හිතුවා.
මුලින්ම ප්‍රධාන අපේක්ෂකයින් දෙපල පිලිබඳ පුංචි ප්‍රත්‍යාවලෝකනයක් කරන්න අපි කල්පනා කලේ ඔබේ මනසේ යටගියාව මඳක් ඔපමට්ටම් කරන්න ඕන නිසයි.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කල මෙහෙවර කොහොම අමතක කරන්න ද? මේ ඒ පිලිබඳ අබින්දක්!
ඒ කුමක් වුවත් වත්මන් ප්‍රවනතා සහ අනාගත ප්‍රතිපත්ති පිලිබඳ අවබෝධයක් ඇති ඔබ ඔබේ නිදහස් මතය දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු!

- 30 අවුරුදු ශාපලත් යුද්ධය නිමාකරන්නට නොසැලෙන රාජ්‍ය නායක්ත්වය ලබාදීම.
- සිඝ්‍ර සංවර්ධන වැඩපිලිවෙල ඔස්සේ අධිවෙිගී මාර්ග,නව වරාය හා ගුවන්තොටුපොල,දුම්රිය මාර්ග වැනි ඉදිකිරීම් සඳහා කැපවීම.
- මහින්දෝදය විද්‍යාගාර,පරිගණක විද්‍යාගාර ඇති කිරීම.
- නවීන තාක්ෂණය ව්‍යාප්ත කිරීම.
- යුධ ජයග්‍රහණය සඳහා ජනපති වෙහෙසෙද්දී එතුමාට සවියක් වෙමින් එම රජයේ රැඳීසිටීම
- තම අමාත්‍ය සමයේ දී ඔෟෂධ පනත පර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ දැරීම.
- දුම්වැටි පැකට් සදහා 80% ක රූපමය අවවාද යෙදීමට උත්සාහ දැරීම.
- රජරට සංවර්ධන වැඩ සඳහා රාජ්‍ය අවදානය යොමුකරවීම.
ඒ කුමක් වුවත් වත්මන් ප්‍රවනතා සහ අනාගත ප්‍රතිපත්ති පිලිබඳ අවබෝධයක් ඇති ඔබ ඔබේ නිදහස් මතය දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු!
Saturday, November 22, 2014
අනේ අපේ කලාකරුවෝ
කලාව යනු මිනිසා නම් වු
ජීවියාගේ මනසතුල පමණක් උපදින මනස්කාන්ත මනෝභාවයක් ලෙස සරළව හැඳින්විය හැකිය.එය
මිනිසාට දැනෙන දෙයකි. ඒ දැනිම,සංවේදනය සන්නිවේදනයකරන්නා කලාකරුවා ලෙස අපි
හඳුන්වමු. ඒ මිනිසා අනික් මිනිසුන් අතර උත්තුංග පෞර්ෂයකි.
කවදත් අපේ කලාව,කලාකරුවා
ගැන වන්දනීය මනසකින් කථාකල අපි අද අපේ කලාකරුවන්ගැන කතාකරන්න යන්නේ අතිමහත්
කලකිරීමකිනි.
දේශපාලනය...
වෙන රටක නම් තවත් උත්තම
ප්‍රස්තුතයකි. නමුත් අපේ රටේ ඒ තරම් ගඳගහන මාතෘකාවක් තවත් තිබේ ද?
කලාවත් දේශපාලනයත් අතර
අතීතයේ සිටම සබඳතා තිබුනු බව අපි දනිමු. ඒත් වත්මන තරම් කලාව නම්වු ශුද්ධ අයිතිය
පාවාදුන් යුගයක් අපිට මෙනෙහි කිරීමට අපහසු විය.(අපේ දොසක් විය හැක)
කලාකරුවාට දේශපාලනය
කිරීමට අයිතියක් ඇත.නමුත් එය පෞද්ගලික විය යුතුය.කලාකාර පෞර්ෂය, ප්‍රතිරූපය තුලින්
දේශපාලනය කිරීමට යාම නිර්ලජ්ජිත වැඩකි. දේශපාලනය කිරීම සඳහා ජනතාමනාපය ඉල්ලා එය
කුමන අයුරකට හෝ ලැබී පක්ෂයකට පූරිණ කාලීනව දේශපාලනය කරන කලාකාර දේශපාලකයන්ට අපි
මෙහිදී දොස් නොකියමු. මන්ද ඒ සඳහා කැමැත්තක් සමාජ බහුතරයකින් ලබාගෙන ඇති බැවිනි.
ඒත්..
නිකරුනේ මුදල් කුට්ටියකට
හෝ තනතුරකට,වරදානයකට ගිජුවී තම ආත්මයත් ප්‍රේක්ෂක සමුහයත් තම වෘත්තියත් අමු අමුවේ
පාවාදී මලබෙරිහන් දෙන අජූත කලාකරුවන් ගැන අපි සාතිශයලෙස දුක් වෙමු.!
යුක්තිය,සාධාරණත්වය,යහපාලනය
යන කාරනා ඇස්පනාපිට කඩකරන්නන් වෙනුවෙන් අතට හසුවන ඔනෑම පඩංගුවක් ගෙන කඩේ දුවන එවන්
පුද්ගලයන් ගැන ප්‍රෙක්ෂකයා අවබෝධයෙන් යුතුව බලා සිටිය යුතුය.මන්ද ඔබේ මසැස තුලින්
මනසට එබී යම් යම් විෂබීජ ඒතුල තැන්පත් කිරීමට ඔවුන්ට සහජ කුසලතාවක් ලැබී ඇති
නිසාය.
කලාව නම්වු දේවතාවිය
ජරාජීර්ණ,සල්ලාල දේශපාලක නම්වු රකුසා ඉදිරියේ නිරුවත් කරන මෙවන් අය කලාකරුවන් නොව
කලා දෙවොලේ පඬුරු පෙට්ටිය දෙස ඇසගසා සිටින දෙවොල්කපුවන් වන්නේය.
(සංවාදයට විවෘතයි) www.kiripeni.blogspot.com
Friday, September 26, 2014
වචනේ "පට්ට"
භාෂා ව්‍යවහාරයේ දි ද්විත්ව
තේරුම් දෙන වචන අප කොතෙකුත් අසා ඇත. ඒත් මේ වචනය තරම් ජනප්‍රිය වචනයක් තවත් නැතැයි
හැඟුන නිසා “පට්ට” ගැන ලින්නට සිතුවෙමු.
“නියමයි” , “මාරයි” යන
වචන දෙකේ උපරිමය දැක්වීමට මෙන්ම එහි සම්පූර්ණ අනික්පස වන “වැඩක් නෑ” , “ෂික්” යන
වචන වල තේරුමද අවස්ථානුකූලව විදහා දැක්වීමට මේ වචනය යොදනු පෙනේ.තවත් බොහෝ
අතිශයෝක්ති අවස්ථා දැක්වීමට කට වහරේ බොහෝ
යෙදේ.
බලමු අවස්ථා ටිකක්...
Sunday, September 21, 2014
අහා!!! බදුල්ල...
2014 ඌව පළාත් සභා මැතිවරණයේ දී දකුණේ සහ බස්නාහිර පළාත්වල බුද්ධිමත් මිනිසුන්ට සමානව හෝ ඊටත් වඩා ඉදිරියට යමින් බල තුලනයට දායකවු විශේෂයෙන් බදුල්ලේ මෙන්ම අනෙක් දිස්ත්‍රික්කය වන මොණරාගල ජනතාවට අපේ උත්තමාචාරය!
සුවිශේෂි ලෙස අති බහුතරයක් ජනතාව ඡන්දය ප්‍රකාශකර තිබීම විශිෂ්ඨ ප්‍රජාතාන්ත්‍රවාදී ලක්ෂණයකි.
විපක්ෂයට ආකර්ෂණීය අපේක්ෂකයන් පැමිණිකල ඡන්දය ප්‍රකාශ නොකීරීමට සිටි පිරිස් පවා ඡන්ද පොලට ගිය බවත් ආණ්ඩුවේ ආකර්ෂණය ක්‍රමයෙන් අවරෝහණය වන බවත් මේ ඡන්දයේදී වඩාත් පැහැදිලිවී ඇත.
ඉහත දැක්වූයේ ඌව ඡන්දයේ සරළම සත්‍ය විග්‍රහය බව මැදහත්ව බලන සබුද්ධික පිරිසට පෙනීයනු ඇත.
නැවතත්, ඌවේ ජනතාවට ස්තූතියි!!!

Sunday, September 14, 2014
MG ට වෙච්චි දෙයක් !!
මව්බිම පුවත්පතේ
07/09/2014 “හදගැස්ම”අතිරේකයේ පළවූ ලිපියක් ඇසුරෙන් සම්පාදිතයි.
මුලින්ම කියන්න ඕන මව්බිම පුවත්පතේ මාධ්‍ය බාවිතාව ගැන
පාඨකයින් ලෙස අපි(මාධ්‍ය ගැන ලොකු දැනුමක් නැතත්) එතරම් තෘප්තිමත් නොවන බව. ඒ අනුව
මෙහි ඉහත දැක්වූ ලිපියේ සඳහන් ප්‍රකාශයන් MG ධනුෂ්ක විසින් ප්‍රකාශ
කලා ද නැති ද යන්න අපි නොදනිමු. ප්‍රකාශකලා යැයි සිතා මේ ලිපිය ලියන්නෙමු.
Monday, September 8, 2014
මෙන්න අනාවැකි....
අද (08/09/2014) දින හිරු අභිවන්දනා වැඩසටහන නැරඹු පිරිසට අපූරු අනාවැකි කීපයක් අසන්නට දකින්නට ලැබිනි. ඒවා සැබවින්ම අපූරුය!
නොදන්න අයට දැනගන්න ලියන්න හිතුවා.
නොදන්න අයට දැනගන්න ලියන්න හිතුවා.
බලන්න මේ අනාවැකි කොපමණ
ප්‍රමාණයක් සත්‍ය වෙයි ද කියලා.
අපි නම් කියන්නේ මේ
එකක්වත් සැබෑවෙන්න එපා කියලා(ජ්‍යෝතිෂකරු අමාරුවෙ දාන්න නෙවි)මොකද මේ සියල්ල ව්‍යසනයන්
ගැන නිසා.හැබැයි වැඩසටහනට ආපු විද්‍යකුලපති මහතා නම් කියන්නේ මේවා අනාවැකි නෙවෙයි
කියලා.
Thursday, August 7, 2014
අනේ දරුවනේ නාඩං කියූ ඇමතිලා!
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද(07/08/2014) පාර්ලිමේන්තුවේ දී දරු ප්‍රශ්නයක් නැගුවේය. අපේ අහිංසක මැති ඇමතිවරුන්,ප්‍රභූවරුන් සිය දාරක ප්‍රේමය වාවනු බැරිව තම කිරිකැටියන්ට ලබා දී අැති තනතුරු,වරදාන මෙහිදී හෙළිකෙරිනි.
පව් අප්පා...!
අපි විස්තර කරන්නෙ මොකටද? ඔයාලම බලන්නකෝ.(විලි ලැජ්ජාව වැඩි සංවේදී අය බැලීමෙන් වලකින්න.. ඔබේ හයහතර නොදත් අහිංසක දරුවන් මෙය දැකීමෙන් ඔබෙන් ද මෙම වරදාන ඉල්ලීමට හැකි බැවින් ඒ බව කියා දෙන්න.)
උපුටාගැනීම- සිරස"නිව්ස් ෆර්ස්ට්" වෙබ් අඩවියෙනි.
වීඩියෝව දර්ශණය නොවේ නම් මෙම අතුරු පිවිසුම භාවිතා කරන්න... https://www.youtube.com/watch?v=0KKzHQkh_BU&feature=player_detailpageවීඩියෝව බලන්න පිවිසෙන්න

Friday, April 25, 2014
අාණ්ඩුවට කැසිනෝ... විපක්ෂයට කසනෝ... අපිට ඇඬෙනෝ!
උපායමාර්ගික සංවර්ධන පනත වශයෙන් හෝ කැසිනෝ පනත වශයෙන් හෝ හඳුන්වන පනතක් රජය නැවත ගෙන එනවා ලු.එහි අන්තර්ගතය කෙබඳු දැයි මහජනතාව සත්‍යවශයෙන්ම නොදනී. විපක්ෂය එකක් කියයි.රජය තවෙකක් කියයි.අපි කුමක් විශ්වාස කරමු ද?
දෙපැත්තේම අය කියනදේ කරන,කරනදේ කියන ස්වභාවය අතින් අපේ හදවත් එ් තරමටම දිනාගෙන ඇත.
පැකර් නම් කුප්‍රකට ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් අත්තේ එතරම් යහපත් පිලිගැනීමක් නොවන නිසා ඔහුගේ පැමීනීම සිදුවන්නේ නම් විපක්ෂයේ අදහස් පැත්ත බරවන්නේය.අනික පැකර්ට දෙන්නේත් දැනට අනිකුත් ව්‍යපාරිකයන්ට දෙන සහන නම්,රජය දහ අතේ දිව්රන පරිදි කැසිනෝ ද නැති නම් අළුත් පනතක් කුමටද?
ප්‍රධාන විපක්ෂයේ ඉතිහාසය අනුව ගත්කල ඔවුන් බලයේ සිටියදි පැකර් ආගමනය වුවානම් ඔවුන් පැකර්ට රතුපලස් එලා මල් දම් පළඳවා පිලිනොගනිතැයි සිතිය හැකි ද?
විපක්ෂයට කැසීම සෑදෙන්නේ ආණ්ඩුව කැසිනෝගසන විටදීය. මේ දෙස බලා සිටින ජහමනයාට ඇඬෙන්නේය.

Wednesday, April 9, 2014
අවුරුදු , ජ්‍යෙතිෂ්‍ය සහ නොනගතය!
සිංහල අවුරුද්දට සාප්පු සවාරි ගිහින් දැන් කවුරුත් අවුරුදු සමරන්න සූදානම් ඇති කියලා අපි හිතනවා. ජ්‍යොතිෂ්‍ය අනුව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම ලු අවුරුද්ද කියන්නෙ (අපි දන්න විදියට නම් සූර්යයා කොහේවත් යන්නෙ නෑ). කොහොම හරි කමක් නෑ කියමු කෝ...
මේක නේ පුරස්නෙ!
අපේ මේ නැකැත් අතර පුණ්‍යකාලය එහෙමත් නැත්නං නොනගතය කියලා කොටසක් තියනවා නේ ද? ඒ කියන්නෙ නැකැත් නැති වෙලාව ලු! මාර වැඩේ කියන්නෙ අනිත් අවුරුදු නැකැත් සේරම යෙදෙන්නෙ මේ කාලය ඇතුලතමයි!
මේ පාර 14 වෙනිදා උදේ 1.13ට පටන්ගන්න නොනගතය හවස 2.01 වෙනකල් තියනවලු මේ කාලේ කිසිම වැඩක් හොඳ නෑ ලු. කරුමෙ කියන්නේ වැඩ අල්ලන නැකත එන්නෙ 14 උදේ 11.05ට නොනගතේ වැඩ කරන්නෙ කොහොමද? හැම සැරේම මෙහෙම තමයි.
එක්කො අවුරුදු උදාවෙන නැකතින් නොනගතය ඉවරවෙන්න ඕන!(අපිට හිතෙන විදියට) මේකෙ පොඩි අවුලක් තියනවා නේ ද?
අනික මේ සැරේ ලිප ගිණි මොලවලා (උදේ 10.17ට) කෑම මේසෙට 11.05 වෙද්දි තියන්න ඕන.විනාඩි 48 විතර තමයි තියන්නෙ... දර ලිප ඇවිලිලා,නැවුම් මුට්ටිය රත්වෙලා,කිරිබත ඉදෙන්න මේ කාලය ඇති වෙයි ද? ජ්‍යොතිෂ්‍යකරුවො ගෘහණියගෙ අපහසුව දැක නැති ද? ආහ්... ඔව් නේ එයාලා කොහොමත් ගෘහණියව අවුරුදු නැකැත් වලින් හලලා නේ තියන්නේ. ඇයි වැඩ අල්ලන නැකතට කලින් ලිප ගිණිමොලවන නැකතෙදි ගෘහණිය වැඩ අල්ලා ඉවරයි නේ.
අනේ කාට කියන්න ද මේ ජ්‍යොතිෂ්‍ය විගඩම්!

Sunday, March 30, 2014
බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වුනා.... ඔයා පාස් ද?
පසුගිය සතියේ අපි පැවසු බුද්ධි පරීක්ෂණය ඊයේ(29/03/2014) පැවැත්වුනා. අද ප්‍රතිඵල නිකුත් වුනා. ලියපු අය කවුරුත් සතුටු ඇති නේ ද? ඇයි මොන විදියකින් හරි සෑහිමකට පත්වෙන්න පුළුවන් ප්‍රතිඵලයක් නේ ආවේ!
දෙපාර්තමේන්තුවට අනුව සමස්ථය ගත්තාම 55% ක් විතර සමත් ලු. 45% විතර අසමත් ලු... ඇත්තටම සමත් මොන පිරිසද කියලා අපි කාටත් ඉස්සරහට අත්දැකීමෙන් ම තේරුම් ගන්න පුළුවන් වෙයි.
හරි...
අපි බුද්ධි පරීක්ෂණය කිය කියා මේ දොඩවන්නෙ දකුණු හා බස්නාහිර පලාත් මැතිවරණය පිලිබඳව බව ඔයා දන්නවා නේ?
දැන් අපි ප්‍රතිඵල ගැන සරල විශ්ලේෂණයක් කරමු...(අපි දේශපාලන විද්‍යා පොරවල් නෙවි. නිකං ඡන්ද දායකයො විතරයි)
සියල්ල බැළුවාම ආණ්ඩුවේ ඡන්ද පදනමේ දෙදරායාමක් ඕන කෙනෙකුට පේනවා නේ(ඇමතිලා හිතේ දුකට මොනවා කිව්වත්)ඒ වගේම එ.ජා.පෙත් සතුටු දායක මට්ටමක නෑ නේ(ඒක කොහොමත් උපන්නට වැනෙන එකක් නෙව) මේ සැරේ දිනුමක් ලබපු පිරිස ලෙස සතුටු වෙන්න පුළුවන් කම ඇත්තටම තියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට පමණයි.
විශේෂයෙන්ම ජ.වි.පෙ. නව නායකත්වය වටා විශාල තරුණ පරපුරක් එක්රැස්වෙන බව දේශපාලන අන්ධයෙකුට වුනත් පේනවා. ඒක ඇත්තටම එක්සත් ජාතික පක්ෂයට ලබා දුන් සංඥාවක් කියලා දැං වත් එහි පුටුව බදාගෙන සිටින ජාති අන්ධයට පෙනුනොත් ලබන සැරේවත් ගොඩ යාමක් තියේවි.(ආහ්! අපිට අමතක වුනා,එයාලට ඇත්තටම ගොඩයන්න ඕන නෑ නෙ.)
රජය තමන් යන ගමන ගැන නැවත නැවත සිතා බැලීම ඔවුන් ගේ අනාගත සුබ සිද්ධියට වැඩදායී වෙයි කියලා අපිට හිතෙනවා.මොකද ජනතාව සීඝ්‍රලෙස විකල්ප සොයනවා! විශේෂයෙන්ම අතිගරු ජනපතිඳුන් ඇතුළු ඇමතිවරු රැසක් නියෝජනය කරන දකුණේ ජනතාව ආණ්ඩුවෙන් ඈත්වෙමින් විකල්ප වෙත යොමුවීම සහ සංවර්ධන ක්‍රියාදාමය කේන්ද්‍රවීම ඔවුන් දකින ආකාර පිලිබිඹු කරනවා විය නොහැකි ද? සංවර්ධනය සහ ජනතාවගේ ජීවන වියදම ඇතුළු සමාජ ආර්ථික පසුබිම පිලිබඳ රජයේ සංවේදීතාව ප්‍රශ්නගත වී ඇත.
කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සංධානය මැතිවරණය අති විශිෂ්ඨ ලෙස ජයගෙන ඇත.අපි ඔවුන්ට සුබ පතමු!
බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව කළුතර හා ගම්පහ දිස්ත්‍රික්ක වල පිලිතුරු ලියු අයගෙන් බහුතරයකට විශේෂයෙන්ම "ගොටුකොළ කැඳ" කෝප්පය බැගින් උදේට උදේට පානයට නිර්දේශ කල හැක්කේ එය බුද්ධි වර්ධනයට හේතුවන බවට ජන මතයක් පවතින නිසයි.
ඉතින් නිර්වින්දනයට ලක්ව තිබු රජයේ මධ්‍ය ස්නායු පද්ධතියට විද්‍යුත් දාරාවක් යවා වෙව්ලවා හැරීමට සමත්වු මේ මැතිවරණය කාට කාටත් මහත් වැඩදායි එකක් වු බව සහ එම කාර්යයට අපේ ලිපි යම් පමණකට හේතු වූවා නම් එය අපට සතුටකි.
කුමණ පක්ෂයකට හෝ තම කැමැත්ත පළකල ඡන්ද දායක සැමට අපේ සුබ පැතුම්!
(ප්‍රති මත සඳහා ද ඉඩ ඇත)

Saturday, March 22, 2014
බුද්ධි පරීක්ෂණය ලබන සතියේ!!
බස්නාහිර සහ දකුණේ ජීවත්වන ලාංකිකයන්ට රජය විසින් ලබන සතියේ බුද්ධී පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.විභාග දෙපාර්තමේන්තුව වෙනුවට මේ සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව යොදාගැනීමට නියමිතය. මේ වන විට සියළු විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශපත් නිකුත් කර හමාරය.තව ද මේ විභාගය සඳහා යාමේදී ජාතික හැඳුනුම්පත හො වෙනත් අනන්‍යතා පතක් රැගෙන යාම අවශ්‍ය ලු.
විභාගය 29 දා පෙ.ව.7 සිට ප.ව.4 දක්වා විභාග මධ්‍යස්ථාන රැසක දී පැවැත් වේ ලු.
ඉතින් අපි හිතුවා මේ විභාගයට යන ඔයාලා වෙනුවෙන් අනුමාන ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන්න. ඔයාල මේ ප්‍රශ්න වලට පිලිතුරු ලියලා යටි සිතට යොමු කරලා හරි වැරදි බලාගන්න... එක් ප්‍රශන්යකට ලකුණු 10 ගානේ දාගෙන අවම වශයෙන් 40% ක් වත් ගන්න බලන්න. එහෙම උනොත් විභාගෙ ගොඩ! රටත් ගොඩ!
ප්‍රශ්න අංක 01
ඔබ වෙසෙන පළාත් සභාවෙන් ඔබට අවංක ප්‍රතිලාභයක් ලැබුනා ද?(ඔව් නම් ඔවුන්ම පත්කරන්න.පහත ප්‍රශ්න වලට පිලිතුරු දීම අනවශ්‍යයි.)
ප්‍රශ්න අංක 02
ජිනීවා ඔබේ පළාතට අයත් ද?
ප්‍රශ්න අංක 03
LLRC යෝජනා ගෙනාවේ කවුද?
ප්‍රශ්න අංක 04
පිල්ලේ ට "එව බලව" කිව්වේ කවුද?
ප්‍රශ්න අංක 05
පළාත් සභාව සහ විදුලි පුටු අතර සම්බන්ධයක් තිබේ ද?
ප්‍රශ්න අංක 06
අධිවේගී මග පළාත් සභාවට අයත් ද?
ප්‍රශ්න අංක 07
එක් පාර්ශ්වයකට අධි බලයක් ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර ද?
ප්‍රශ්න අංක 08
මධ්‍යම පාලනයට හානියක් නොකර ඊට සංවේදනයන් ඇති කිරීමට අවශ්‍ය ද?
ප්‍රශ්න අංක 09
වංචා,දූෂණ,මැර බලය ආදී යහපාලනයට හානිකර දේ පිළිබඳ ඔබේ සංවේදිතාව කොපමණ ද?
ප්‍රශ්න අංක 10
සිංහල අවුරුද්දට බඩු ගන්න පසුම්බියේ මුදල් ප්‍රමාණවත් වේ ද?
යටි සිතේ ඇති සැබෑ පිලිතුරු පත්‍රය ඔබට සහය වනු ඇත.කුමණ ලකුණු ප්‍රමාණයක් ලැබුනත් 29 දා විභාගයට යන්න. ඒ ඔබේ එකම අයිතිවාසිකමයි.විශේෂයෙන් අපේ දකුණේ බුද්ධිමත් පිරිසට මේ ප්‍රශ්න පත්‍රය කිරි කජු වගේ ඇති.! පුද්ගල වාදයෙන් මිදී හෙට ගැන සිතමු... දන්න කියන අයටත් මේක දෙන්න.මීට පරස්පර ප්‍රශ්නාවලියක් ඔබ සතු නම් එකතු කරන්න.... අපි එයට ද ගරුකරමු.
අපි කුමක් කීවත් තීරකයා ඔබයි. නිදහසේ සිතන්න.

Tuesday, February 4, 2014
ණයකාරයාගේ නිදහස
ඇමරිකාවෙ මාමා ට
චීනෙ නැන්දා ට
ඉන්දියාවේ අයියා ට
තවත්
හුගදෙනෙකු ට
ණය දෙන්න ඇත මට
ඒත් නිදහස් ලු මං
ඇත්ත ද බං!?
චීනෙ නැන්දා ට
ඉන්දියාවේ අයියා ට
තවත්
හුගදෙනෙකු ට
ණය දෙන්න ඇත මට
ඒත් නිදහස් ලු මං
ඇත්ත ද බං!?
Saturday, February 1, 2014
අනේ අනිච්චං! හෙට රට කොයිබට ද?
ඊයේ(31/01/2014) සිරස බැළුව ද? සිරස කිව්වේ ඔලුව බැළුව ද කියන එක නෙවි කියලා ඔලුව තියන අයට කියන්න ඕන නෑ නේ.ඒත් අපේ රටේ හොදම ඔලු ටික ඊයේ "සිරස ලක්ෂපති" වැඩසටහනට කැදවලා තිබුනා.ඉතාම අගේ කලයුතු දෙයක්!
ඒත්....
වැඩසටහන යද්දි අපිට අපේ ඔලු පරීක්ෂා කරගන්න හිතුනා. ඒ මේ රටේ හෙට දවසේ ජීවත් වෙන එකේ තේරුමක් තියේවි ද කියලා.
ඇයි? ඒ.... ඔබට එහෙම විමසන්න සිතුනා නේ ද?
සිරස ලක්ෂපති වැඩසටහනට ඊයේ කැදවා තිබුනේ පසුගිය වර අ.පො.ස. උ/පෙළ ලංකාවෙන්ම 1 සහ 2 වුනු දක්ෂ කොල්ලො කෙල්ලො ටිකක්.විවිධ විෂයපත ඔස්සේ රට දිනු පිරිසක්.
මුලින්ම Hot Seat එකට අවේ ජීව විද්‍යා මල්ලියා. දැනුම හොදයි.. ඒත් ඒ දරුවා චිරප්‍රසිද්ධ "සුළං කුරුල්ලෝ" ගීතය අසාවත් නෑ ලු.කුමන රසඥතාවක් ද මේ!
පසුව පැමිණි නංගියා තමා ගේ ප්‍රධාන ආහාරය සැකසෙන විධිය වත් නොදනී... වී ඇටය සහල් වන්නේ කුමන තැනක දී ද නොදනී. කුඹුර,කමත..... වංගෙඩිය යනාදි පිළිතුරු අතරින් එකක් තේරීමට නොහැකිව ප්‍රේක්ෂකාගාරයට බාරදෙයි! අඩුම තරමේ සිතන්නට වත් බැරි ද?
මෙවන් අය ද හෙට රට බාර ගන්නේ? ගොවියා දහදුක් විද සකසන වී ටික සහල් වී(දැන් නම් මෝලේ දී) මා පියන් දහ දුක් විද උපයන මුදලින් එය බත් වී තම ඉදිරියට ආවිට මොවුන් ගිලී වී.. එපමණකි.
මේ මොවුන් ගේ වරද නොව අධ්‍යාපන ක්‍රමයේ වරදකි.මෙවන් පිරිස් පාලනය කීරීම පහසු නිසා පාලකයින් ද මේ ක්‍රමය වෙනස් නොකරති.
සංවාදයට ගතයුතු කරුණක් ලෙස ඔයාට දැනුනා නම් අදහසක් පළකරන්න අමතක කරන්න එපා.

Sunday, January 19, 2014
ෆොන්සේකා ෆෝබියා!!!
ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨතම සෙන්පතියා ලෙස කලක් මහ ඉහලින් වර්ණනාවන්ට පාත්‍ර වු හා පසුව එම වර්ණනාකරුවන්ට වණයක් වීම නිසාම මළකෑ ඇණයක් ලෙස ඉවතලු සරත් ෆොන්සේකා මහතා, විටින්විට මතුවෙමින් ලාංකීය දේශපාලන කරළිය පෙරළි කරමින් සිටී.පසුගිය පළාත් සභා මැතිවරණයේ දී සිය අභිනව පක්ෂය රටේ තෙවන බලවේගය බවට පත් කිරීමට ඒ පෞර්ෂයට හැකිවීම අරුමයක් ම නොවේ.
දැන් නැවතත් මැතිවරණ දෙකක් ඇරඹි තිබේ.ඊයේ(18/01/2014) ප්‍රවෘත්ති ප්‍රකාශ නැරඹීමේදි පෙනි ගියේ පොලිස් නිළධාරීන් විසින් ෆොන්සේකා මහතාගේ ප්‍රචාරක කටයුතු ස්වේච්ජාවෙන් බාරගෙන ඇති බවකි.
ඉතා කුඩාවට පැවැත්වීමට ගිය රැස්වීමක් ජනමාධ්‍යවල ප්‍රධාන පුවතක් බවට පත්කර ඒ ඔස්සේ ෆොන්සේකා මහතාගේ පක්ෂයට දැඩි ආරක්ෂිත ප්‍රචාරයක් ලබා දීමට පොලීසිය කටයුතු කර තිබිනි.
එතුමා රැස්වීමද පවත්වා ඇත.ප්‍රචාරයද ලැබී ඇත.ස්පීකර් හිරේ ඇත.!
ෆොන්සේකා මහතා සම්බන්ධව මෙරට නීතිය අකුරටම ක්‍රියාත්මක වේ. වෙනත් අයට නීතියේ කුඩා හො හිලකින් රිංගා යාමට අවස්ථා තිබිය හැක.
ඇත්තටම ෆොන්සේකා මහතා සම්බන්ධව ගොඩනැගි ඇති මෙම භීතිකාව(ෆෝබියා) රජයට එතරම් වාසි සහගත නොවන බව හුදී ජනයාගේ අදහසයි.ෆොන්සේකා මහතාට ද තම මුඛය පරිස්සම් කරගත හොත් වඩා සාර්ථක දේශපාලන ගමනක් යාමට හැකි බව ජොතිෂ්‍යකරුවන් නොවුවත් ඇස් කන් ඇති අපිට අනාවැකි පැවසිය හැක.ඒ සම්බන්ධව විශිෂ්ඨ රාජ්‍ය පාලන පරිචයන් පෙන්නුම් කල ආර්.ප්‍රේමදාස මහතා මෙන්ම වත්මන් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ගෙන් ආදර්ශයන් ලබාගත යුතුවනු ඇත."ඉවසන දනා රුපු යුධයට ජයකොඩිය" යන කියමන තමාට නිතර පෙනෙන තැනක සවිකර ගන්නේ නම් මැනවි.
"දකුනේ ජනතාව විශිෂ්ඨය" යන්න සමාජ වෙබ් අඩවි ඔස්සේ ද පාරම්බාන කොල්ලන්ට කෙල්ලන්ට දකුණේ අය අඩුම වශයෙන් සවිඥානික බව වත් ඔප්පු කිරීමට මෙවර මැතිවරණයේදි හැකි වේවායි අපි පතමු. එසේ වුව හොත් දේශපාළුවන් අතින් සිදුවු ළමා අපචාර, දූෂණ,ගසාකෑම් නිසි ප්‍රතිචාර ලැබූ සිදුවීම් ලෙස අවසන්වනු ඇත.
එවන් සිදුවීම් අතීත සිද්දි පමනක් වනු ඇත.
මේ ලිපිය නිසා අපි "දිණමිණේ" සතුරන් විය හැක.අපේ අඩවිය කිසිදා පුවත්පතේ බ්ලොග් තීරුවට නොඑනු ඇත.කම් නැත,සැබෑවටම එය අනවශ්‍යය. ඒ පිටු අතර රැදීමේ අපේක්ෂාවක් අත්තටම අපිටනම් නැත.නමුත් ඔවුන්ගේ ප්‍රයාත්නය බ්ලොග්කරුවන්ට උද්දීපනයක් වූවානම් එයට අපිද ස්තුති කරමු.
අවසාන වශයෙන් සැමට සමාන නීතියක් ඇති රටක්(අඩුම ගනනේ "දකුණක්'') බිහිවේවායි අපි ප්‍රාර්ථනා කරමු!

Wednesday, December 4, 2013
සින්දු-බින්දු
නිමිත්ත: සමන් ද සිල්වාට බින්දු වීරසිංහ පහර දෙයි(පුවතක්)
ප්‍රසිද්ධ ගායක සමන් ද සිල්වා මහතාට පළාත් සභා මන්ත්‍රී බින්දු වීරසිංහ මහතා විසින් පහර දුන්නේ යයි කියන සිද්ධියක් පසුගිය දා මාධ්‍ය ඔස්සේ මහ ඉහලින් කථා බහ කෙරුන බව ඔබ අපි සැවොම මේ වනවිට දනී.
සමන් ද සිල්වා මෙන්ම සියළුම කලාකරුවන් රටේ වටිනා සම්පත්ය. මේ වටිනා සම්පත් මෙසේ වැනසෙන්නේ ඇයි? මේ සිද්ධියේ දි මාධ්‍ය හමුවේ සිය සහෝදර කලාකරුවා වෙනුවෙන් පෙනීසිටි සුනිල් පෙරේරා මහතාගේ ගීයකින් ම ඇසුවොත් "මෙහෙම වෙන්නෙ ඇයි?"
කලාකරුවා සංවේදිය,නිර්මලය,පිවිතුරුය.... නමුත් බහුතර දේශපාලකයන් මෙන්ම රටේ දේශපාලනය ද අධමය, නීචය,දුෂ්ඨය....
ඉතින් අර අහිංසක කලාකරුවා දේශපාලකයන් අතර සිටින විට කුමක් සිදුවිය නොහැකි ද? ගුටි කා බේරුනා ඇති ය!
කුමන පක්ෂයකවත් දේශපාලන වේදිකාවකට හෝ දේශපාලකයන් ගැවසෙන තැනක හෝ මේ අහිංසක නොදරුවන් ගැවසිය යුතු නැත.එය මෙවන් සිදුවීම් වලට හේතුවේ.
අප කීවාට එසේ සිටීමට ද අපේ උතුම් කලාකරුවන්ට නොහැකිය,ඔවුන් දේශානුරාගයේන් දේශපාලන වේදිකාවලට නගිති,ආණ්ඩුපෙරලන්නට වේදිකාවලට නගිති.තම ජනප්‍රියතාව ජනඅප්‍රියතාවක් වනතුරු කෑමොර දෙති... ගුටි ද කති.... සියල්ල සිදුවු පසු නැවත ජනතාවටම කියති. අපි කුමක් කරමු ද?
අද සිදුවි ඇත්තේ සමාජයේ සියල්ලෝමපාහේ තමාට අයිති කාර්යය හැරුණුවිට අනිත් සියලුම දේ කිරීමට යාමයි.
මේකත් හරියට උද්‍ඝෝෂණයක් මැද්දට පැනපු භික්ෂුන්වහන්සේ නමකට මිනිසුන් වටකර පහර දුන් විට "පව් ද නැද්ද" ඇසුවා වාගේය. පන්සලේ සිටිය යුතු අය යුද්ධයක් මද්දට පැන වෙඩිකෑවා වැනි නොවේ ද?
හැම දෙනාම පරාබවයට හේතුවන දේම කරමින් "අපි දැන් ගොඩනැගෙමින් සිටිමු" යයි මොරදෙති.
ඇත්තටම මේ දිනවල ඇද හැලෙන්නේ මෝසම් වැසි ද මුරුගසං වැසි ද? පරිස්සමින්..... තෙමෙන්න එපා!

Tuesday, April 30, 2013
ඉටුවේ ද කවදා රතු පැතුම්
මිනිසකු ලෙස
ඉපදුනු ඔබත් මාත් ජීවත්වීම උදෙසා තවත් මිනිසකුගේ යටතේ සේවය කරමු.ඉතින් එහෙව් සේවක
පංතිය වෙනුවෙන් එක් දිනයක් වෙන්කර දි ඇත.ඒ දිනය හෙටයි. මැයි පළවෙනිදා!! ඔව් ඒ
ඔබේත් අපේත් දිනයයි.එදිනට අපි කුමක් කරමුද? ඊට පෙර මේ දිනය වෙන් වු හැටි මදක්
විමසමු.
Subscribe to:
Posts (Atom)