ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08
Showing posts with label සංවේදී. Show all posts
Showing posts with label සංවේදී. Show all posts

Saturday, September 13, 2014

ආලයවන් සිතුමිණක් තව ඇත් ද?(නව ගී සංකල්පනා)

පෙම්බර බිරිඳක්... සුපෙම්වත් සැමියෙක්... ඔවුන්ගේ යුග දිවිය කෙබඳු වී ද? ඇය ඔහු ධනවතෙකු නොවන බව දනී... ඒත් ඇය ඔහු වෙත බැඳි පෙම අත් නොහැර ඔහුගේ සෙවනැල්ල යටට ආවාය.

ඔහු ඇයට සිය පණ මෙන් ආදරය කරයි... නමුත් සැප පහසුව සලසන්න වත්කම් නැත. සිත තැවෙයි..

ඇය ඒ සැප පහසුවට වඩා ඔහු හා විසීම සුවයක් සේ දැක තවත් ඔහුට සමීපවෙන්නීය. ඔහුගේ සිත තවත් ආදරයෙන් පිරෙයි. ඇය සුදු වැලි පාරක ඔහු සමඟ ඇවිද යයි. ඔහු මෙ‍ාහොතක් නවතී, ඇයට පිටුපසින් සිට ඇය පියවර තබන දෙස බලා සිටී...



පිණිකැට වැටිලා - සුදු වැලි කැටමත 
ඔබෙ නිරුවත් පා - සිඹියි සිඹියි

Sunday, September 7, 2014

මුරණ්ඩු හිත...(නව ගී සංකල්පනා)

ඇය ඔහු දෙසම බලාසිටියාය... ඔහු සමීපයේම පසුවිය. ඔහු ඇය දුටුවාද? ඇය දුටුව ද නොදුටු සේ සිටින්නට ඔහුගේ සිත ඔහු පොලඹවාලීය....

‍ඇය ඔහු සෙවූ ඈ ම නොවූ නිසා ද?

ඇය නොයෙක් ඉංගත පෑවාය. නමුත් ඔහු දැඩිව අන් යමක් සෙව්වේය... එය හමු වුණි ද? නැත....

ඇය ද සෙමෙන් ඔහුගෙන් දුරස්විය.

දැන් ඔහු නෙත් පිස දා තම නේත්‍රමානයේ සොයාබලයි. ඇය නැත!

මුරණ්ඩු සිත දැන් කියන්නේ කුමක් ද? සොයන්නේ කුමක් ද?


නෙතු අද්දර සිටිය කිරිල්ලී
දුටුවේ නෑ ගියා ඉගිල්ලි
නෙත් සෙව්වේ රන් මී මැස්සී
දැන් නං සිත ලෝබ දැනෙයි පුංචි කිරිල්ලී



නිතර නිතර දුටුව නිසා ඔබෙ රුව අරුමයක් නොවුනදෝ
නිතර නිතර ඇසුන නිසා ඔබෙ හඬ මිහිරක් නොවුනාදෝ
හතර වටින් සිටි මිතුරන් හින්දා ඔබ මගහැරුනා දෝ
වටින්ගොඩින් පාළු දැනෙන හින්දා දැන් ඔබ සිහිවී දෝ


නෙතු අද්දර...


අතර පතර සැරින් සැරේ ඔබ මා හට ඉඟි පැවාදෝ
අසුර ර‍ජෙක් විලසින් මා ඔබහට පිටු පෑවාදෝ
විසිර ගිහින් සියළු පැතුම් මා හද හිරි වැටිලා දෝ
ආදර සිත දොතට ගෙන කිරිල්ලියේ ආයෙත් ඔබ එනවා දෝ


නෙතු අද්දර...

ගී සංකල්පනාව: සම්පත් වීරතුංග ආරච්චි
විමසීම්:udan.sampath@gmail.com 

Thursday, August 28, 2014

විප්‍රයෝගය (නව ගී සංකල්පනා)

සිය කුළුදුල් ප්‍රේමය අහිමිව ගිය සිත්තරා සන්තාපයෙන් සිටිද්දී, ඇය ඔහු අබිමුව සිටියාය. තැවුනු හද අස්වැසුම් පතන්නට විය....
මහමෙරක් බලාපොරොත්තු ඈ සමගින් සිත්තර හද තුලට ඇතුළු වූයේ නිරායාසයෙනි....

ඔහු ඇගෙන් පැතුවේ එකම එක දෙයකි. ඒ අහිමිව ගිය ආදරයයි.

ඒත්....

ඇය ද ඔහු පැතූ දේම නොදී නික්ම ගියේ.... එම අකුරු හතර තවත් එක් වචනයක් පමණක් බව මිස හැඟුමක් ලෙසින් නොදැනුන නිසා ද?

මේ ඒ ප්‍රේමණීය සිත්තරා ඇගේ විප්‍රයෝගයෙන් පසු සිය හදවත සමඟ කල පිලිසඳරක් වේමය...

කඳුළු වලින් ‍තෙලිතුඩග තෙමා
සිතුවම් කල ඔබෙ රූප සොබා
වියළෙන්නට පෙර තුඩග පවා
ගිය හැටි පුදුමයි හද නවතා


සිත තුල සිර කර ආලනුරා
පවසනු නොහැකිය ලොව සපුරා
අස්වසමින් මා මනස සරා
සොයනෙමි ඔබගේ රුව පැහැරා


කඳුළු වලින් ‍තෙලිතුඩග තෙමා....



නික්ම ගියත් ඔබ මා හැරදා
තුටින් සිටී නම් සිනාසිලා
අඳුරු මතක සිඳබිඳ දාලා
හිනැහෙන්නම් ඔබ දෙස බලලා


කඳුළු වලින් ‍තෙලිතුඩග තෙමා....



සසර සරන්නට ඔබ සමගින්
පැතුවත් පැතුමන් සිතේ අගින්
ඉටුනොවනා බව දැනේ සැනින්
ඒත් මගේ හිත මැවේ විමන්


කඳුළු වලින් ‍තෙලිතුඩග තෙමා....

ගී සංකල්පනාව: සම්පත් වීරතුංග ආරච්චි
(විමසීම්:udan.sampath@gmail.com)

Wednesday, August 6, 2014

තාත්තා...

පිය සෙනෙහසට කවි ගී ලියැවුනා මදී...

ඔබටත් එසේ සිතුනු අවස්ථා තියනවා නේ ද? එසේනම් ඒ අඩුව පුරවන්න උත්සාහයක් හෝ ගනිමු!

ඔයාගෙ අදහස කුමක් ද? ලස්සන තනුවක් දාලා, සුන්දර හඬකින් ගීතවත් කලොත්...?

Saturday, July 5, 2014

වතුසුදු

ටිකකාලෙකින් මොකුත් ලියන්න බැරිවුනා.ලියන්න බොහෝ දේ රටේ නම් සිදුවුනා.ඒත් ඒ දේවල් පිළිබඳ කතාකිරීමත් බොහොම අප්‍රසන්න නිසා අපි අපේ අත්වලට අපිම විලංගු දාගත්තා.

අපි ප්‍රසන්න ‍දෙයක් කතා කරමු!

"මල්"

මල් කිව්වහම ඉතින් කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ මූණු මල් වගේ පිරිලා ඉහේ මලක් පිපිච්ච ගානට එනව නේ.
ඒත් අපි කියන්නෙ ෆෝන් එකෙන් කඩන ඒ මල් ගැන නෙවෙයි.ගස්වල හැදෙන සුවඳ හමන සැබෑ මල් ගැන.

ඇත්තටම මල් හැදෙන්නෙ මොකටද?

5 වසරෙ පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියයි නේ?!

මල් තමයි සපුෂ්ප ශාඛවල අනාගත පැවැත්ම තීරණය කරන්නෙ,නේද? ඒකියන්නෙ මල්පරාගණය වෙලා හැදෙන ඵල තමයි ඒ ඒ ශාඛවල මීලඟ පරම්පරාව බිහි කරන්නෙ. ඒක තමයි සරළව ගත්තොත් මලකින් ගසකට ඇති ප්‍රයෝජනය.

ඒත්...

එම ප්‍රයෝජනය නොදෙන මල් ද ගස් විසින් ලොවට තිළිණ කරනවා. කවුරුත් දන්න "වතුසුදු" මල් කිසිම දිනක ඵල දරණව ද? එසේනම් ගසට ඉන් ඇති ප්‍රයෝජනය කුමක් ද? සුවඳක් ද නැති මේ මල කුමණ කරුණක් උදෙසා පිපෙන්නේ ද? බෞද්ධයා බුදු පුදට ගැනීම වෙනුවෙන් යොදා නොගන්නට මේ මලින් ගසේ ප්‍රචාරණයට සෙතක් වේ ද? බෞද්ධයින් නැති ලොවක ගසේ පැවැත්ම තහවුරු කරන්නෝ කවුරුන් ද?

නමුත් වතුසුදු ගස ලොවට එක් ආදර්ශයක් දෙයි, එනම් තමාට පලක් නොවුන ද මිනිස් පිරිසකට විපුල ඵල ද කෘමි සතුන්ට අහර ද සපයන දෙයක් තව දුරටත් සිය ශක්තිය වැය කරමින් දරා සිටීමයි. වතුසුදු ඇත්තටම පින්වත් ශාඛයකි.

ඔබේ අදහස කුමක් ද?

Friday, April 4, 2014

ප්‍රවේෂම්වන්න!!!

ලාංකීය ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක ගේ උත්කර්ෂවත් සමය දැන් එළැඹී ඇත.එනම් සිංහල සහ හින්දු අළුත් අවුරුදු සමයයි.එදා ගමට වසන්තය උදාවන බව පවසා සිටියේ කෝකිල නාදයයි. අද එම නාදය ඇසුනත් ඒ ඇසෙන්නේ කොවුල් තුඩකින් නොව රූපවාහිනියෙන් හෝ ගුවන්විදුලියෙනි. අල්පේජ්‍ය දිවිපෙවෙතක් ගතකල එදා ගැමියා තම නිවස පිලිසකර කර තම දුදරුවන් සහ හිතමිතුරන් සමග අහිංසක සතුටක් විඳිමින් ජීවත්වු එම යුගය නිමා වී ඇත.80 දශකයේ සිදුවු විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වාදීම නිසා මිනිස් සිතුම්පැතුම් සංකීර්ණ විය.
වෙළඳපොල ආර්ථිකය විසින් ඔබව දැඩිලෙස හසුරුවන සමය දැන් එළැඹී ඇත. ඉදිරි දින කීපයේ දී සෑම අයෙකුම අතේ අතිරේක මුදල් ගැවසෙන බව ඔවුන් දනිති(බෝනස්).දැන් ඔවුන් ඒ මුදල ඔවුන් දෙසට හරවා ගැනීමට විවිධ උපක්‍රම යොදනු ලබයි.ඔබේ අවුරුදු අවසන් වන්නේ ඔවුන්ට අවුරුදු උදාකරමිනි.

සේල්- පැරණි මිල වැඩිකොට සඳහන් කර නැවත කපාදමා අළුත් මිලක් ලෙස පෙන්වීම.

එකක් ගත්තම මොකක් හරි නොමිලේ- දෙවනුව ‍නිකන් දෙන භාන්ඩයේ අගයත් මුල් භාන්ඩයට එකතුකර තිබීම.

පරණ එකට වට්ටමක්- මිල වැඩිකර දක්වා ඇති භාන්ඩයකට එහිම පැරණි භාන්ඩයක් ලබා දුන්විට වට්ටමක් ලබා දීම.(කුණුකන්දල් ඉවත්කර ගැනීමට නම් හොඳයි)

මේ ආදි විවිධ ක්‍රම මගින් පාරිභෝගිකයා ගොනාට ඇන්දවීම මගින් ඔහු සතු මුදල සූරා ගැනීම මෙමගින් සිදුවේ.

එපමණක් නොව නව මාදිලි හඳුන්වා දී ඔබේ ඇස් ගිණිකණ වට්ටවා ඔබට අත්‍යාවශ්‍ය නොවන දෙයක් ඔබට දී අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා යෙදවිය හැකි මුදල් ඔබට අහිමි කීරීමට ද මේ වෙළඳපොල ක්‍රමය පසුබ ට නොවනු ඇත.

එසේම වෙළඳපොල සවාරි යන ඔබේ මුදල් ගැට කපන්නන්ගෙන් පරිස්සම් කරගන්නත් ඔබ වගබලා ගතයුතුයි.මතක තබාගන්න ඔවුන් ද මෙම ක්‍රමයේම අතුරු නිෂ්පාදනයක් බව.(නැත්තෝ ඇත්තන්ගෙන් සොරා ගන්නේ ද විච්චූරණ ගැනුමට නොහැකිවු කලය)

මුලින්ම අවශ්‍ය දේ ලැයිස්තු කරන්න,එයින් අත්‍යාවශ්‍ය දේ තෝරාගන්න.මුදල් ඉතුරු කරගන්න... මොකද අප්‍රේල් 14 දිනෙන් ලෝකය පරිභ්‍රමණය අවසන් නොවන නිසාත්... ඔබත් ලබැඳියනුත් රටට ණය නොවී සිටිය යුතුනිසාත් ය.

හැකිනම් සුරාවට යොදන්න ඉන්න මුදල පිනකට දහමකටවත් දෙන්න... ඔබට සතුට දෙන්නට සුරාවට වඩා එයට හැකි වේවි.

සැහැල්ලු නව වසරක් වේවා!!!!





Monday, February 3, 2014

ජීවන මේ ගමන සංසාරේ....

ඔයාලා කවුරුත් සෙවනැලි දැකලා ඇති නේ? ඒත් සෙවනැල්ලෙන් වැඩගන්න හිතලා තියද?
සෙවනැල්ල අස්පෘශ්‍ය වත්කමක් කරගත්තු අති දක්ෂ පිරිසක් කරපු අතිශය සංවේදී රූපාවලියක් දකින්න ඔබට කරන ආරාධනයයි මේ.

අපේ අළුත්ම ලේබලය වන "සංවේදී" යටතේ ඔයා සමග මිනිස්කම,උත්තුංග මානුෂීය වටිනාකම් ගැන සංවාදයක් කරන්න අපි කැමතියි.

මේ රූපරාමු පෙළ අවසන්වනතුරු බලන්න.උපුටා ගත්තෙ "Britain's got Talent" වැඩසටහනින්.හැබැයි මේ දක්ෂ කන්ඩායම බ්‍රිතාන්‍ය පිරිසක් නෙවෙයි.ඒත් ඔවුන්ගෙ දක්ෂකම ජාති බේද නොතකා ඔවුන්ට ඉදිරියට යන්න පාර සැකසුවා.

මේ ATTRACTION ‍සෙවනැලි සලරූ කන්ඩායමයි...