ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Sunday, March 30, 2014

බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත් වුනා.... ඔයා පාස් ද?

පසුගිය සතියේ අපි පැවසු බුද්ධි පරීක්ෂණය ඊයේ(29/03/2014) පැවැත්වුනා. අද ප්‍රතිඵල නිකුත් වුනා. ලියපු අය කවුරුත් සතුටු ඇති නේ ද? ඇයි මොන විදියකින් හරි සෑහිමකට පත්වෙන්න පුළුවන් ප්‍රතිඵලයක් නේ ආවේ!

දෙපාර්තමේන්තුවට අනුව සමස්ථය ගත්තාම 55% ක් විතර සමත් ලු. 45% විතර අසමත් ලු... ඇත්තටම සමත් මොන පිරිසද කියලා අපි කාටත් ඉස්සරහට අත්දැකීමෙන් ම තේරුම් ගන්න පුළුවන් වෙයි.

හරි...

අපි බුද්ධි පරීක්ෂණය කිය කියා මේ දොඩවන්නෙ දකුණු හා බස්නාහිර පලාත් මැතිවරණය පිලිබඳව බව ඔයා දන්නවා නේ?

දැන් අපි ප්‍රතිඵල ගැන සරල විශ්ලේෂණයක් කරමු...(අපි දේශපාලන විද්‍යා පොරවල් නෙවි. නිකං ඡන්ද දායකයො විතරයි)

සියල්ල බැළුවාම ආණ්ඩුවේ ඡන්ද පදනමේ දෙදරායාමක් ඕන කෙනෙකුට පේනවා නේ(ඇමතිලා හි‍තේ දුකට මොනවා කිව්වත්)ඒ වගේම එ.ජා.පෙත් සතුටු දායක මට්ටමක නෑ නේ(ඒක කොහොමත් උපන්නට වැනෙන එකක් නෙව) මේ සැරේ දිනුමක් ලබපු පිරිස ලෙස සතුටු වෙන්න පුළුවන් කම ඇත්තටම තියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට හා ජනතා විමුක්ති පෙරමුණට පමණයි.

විශේෂයෙන්ම ජ.වි.පෙ. නව නායකත්වය වටා විශාල තරුණ පරපුරක් එක්රැස්වෙන බව දේශපාලන අන්ධයෙකුට වුනත් පේනවා. ඒක ඇත්තටම එක්සත් ජාතික පක්ෂයට ලබා දුන් සංඥාවක් කියලා දැං වත් එහි පුටුව බදාගෙන සිටින ජාති අන්ධයට පෙනුනොත් ලබන සැරේවත් ගොඩ යාමක් තියේවි.(ආහ්! අපිට අමතක වුනා,එයාලට ඇත්තටම ගොඩයන්න ඕන නෑ නෙ.)

රජය තමන් යන ගමන ගැන නැවත නැවත සිතා බැලීම ඔවුන් ගේ අනාගත සුබ සිද්ධියට වැඩදායී වෙයි කියලා අපිට හිතෙනවා.මොකද ජනතාව සීඝ්‍රලෙස විකල්ප සොයනවා! විශේෂයෙන්ම අතිගරු ජනපතිඳුන් ඇතුළු ඇමතිවරු රැසක් නියෝජනය කරන දකුණේ ජනතාව ආණ්ඩුවෙන් ඈත්වෙමින් විකල්ප වෙත යොමුවීම සහ සංවර්ධන ක්‍රියාදාමය කේන්ද්‍රවීම ඔවුන් දකින ආකාර පිලිබිඹු කරනවා විය නොහැකි ද? සංවර්ධනය සහ ජනතාවගේ ජීවන වියදම ඇතුළු සමාජ ආර්ථික පසුබිම පිලිබඳ රජයේ සංවේදීතාව ප්‍රශ්නගත වී ඇත.

කෙසේ වෙතත් එක්සත් ජනතා නිදහස් සංධානය මැතිවරණය අති විශිෂ්ඨ ලෙස ජයගෙන ඇත.අපි ඔවුන්ට සුබ පතමු!

බුද්ධි පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව කළුතර හා ගම්පහ දිස්ත්‍රික්ක වල පිලිතුරු ලියු අයගෙන් බහුතරයකට විශේෂයෙන්ම "ගොටුකොළ කැඳ" කෝප්පය බැගින් උදේට උදේට පානයට නිර්දේශ කල හැක්කේ එය බුද්ධි වර්ධනයට හේතුවන බවට ජන මතයක් පවතින නිසයි.

ඉතින් නිර්වින්දනයට ලක්ව තිබු රජයේ මධ්‍ය ස්නායු පද්ධතියට විද්‍යුත් දාරාවක් යවා වෙව්ලවා හැරීමට සමත්වු මේ මැතිවරණය කාට කාටත් මහත් වැඩදායි එකක් වු බව සහ එම කාර්යයට අපේ ලිපි යම් පමණකට හේතු වූවා නම් එය අපට සතුටකි.

කුමණ පක්ෂයකට හෝ තම කැමැත්ත පළකල ඡන්ද දායක සැමට අපේ සුබ පැතුම්!

(ප්‍රති මත සඳහා ද ඉඩ ඇත)

No comments:

Post a Comment