ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, March 22, 2014

බුද්ධි පරීක්ෂණය ලබන සතියේ!!

බස්නාහිර සහ දකුණේ ජීවත්වන ලාංකිකයන්ට රජය විසින් ලබන සතියේ බුද්ධී පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතය.විභාග දෙපාර්තමේන්තුව වෙනුවට මේ සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුව යොදාගැනීමට නියමිතය. මේ වන විට සියළු විභාග අපේක්ෂකයන් සඳහා ප්‍රවේශපත් නිකුත් කර හමාරය.තව ද මේ විභාගය සඳහා යාමේදී ජාතික හැඳුනුම්පත හො වෙනත් අනන්‍යතා පතක් රැගෙන යාම අවශ්‍ය ලු.

විභාගය 29 දා පෙ.ව.7 සිට ප.ව.4 දක්වා විභාග මධ්‍යස්ථාන රැසක දී පැවැත් වේ ලු.

ඉතින් අපි හිතුවා මේ විභාගයට යන ඔයාලා වෙනුවෙන් අනුමාන ප්‍රශ්න පත්‍රයක් ලබා දෙන්න. ඔයාල මේ ප්‍රශ්න වලට පිලිතුරු ලියලා යටි සිතට යොමු කරලා හරි වැරදි බලාගන්න... එක් ප්‍රශන්යකට ලකුණු 10 ගානේ දාගෙන අවම වශයෙන් 40% ක් වත් ගන්න බලන්න. එහෙම උනොත් විභාගෙ ගොඩ! රටත් ගොඩ!

ප්‍රශ්න අංක 01
ඔබ වෙසෙන පළාත් සභාවෙන් ඔබට අවංක ප්‍රතිලාභයක් ලැබුනා ද?(ඔව් නම් ඔවුන්ම පත්කරන්න.පහත ප්‍රශ්න වලට පිලිතුරු දීම අනවශ්‍යයි.)

ප්‍රශ්න අංක 02
ජිනීවා ඔබේ පළාතට අයත් ද?

ප්‍රශ්න අංක 03
LLRC යෝජනා ගෙනාවේ කවුද?

ප්‍රශ්න අංක 04
පිල්ලේ ට "එව බලව" කිව්වේ කවුද?

ප්‍රශ්න අංක 05
පළාත් සභාව සහ විදුලි පුටු අතර සම්බන්ධයක් තිබේ ද?

ප්‍රශ්න අංක 06
අධිවේගී මග පළාත් සභාවට අයත් ද?

ප්‍රශ්න අංක 07
එක් පාර්ශ්වයකට අධි බලයක් ලබාදීම ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර ද?

ප්‍රශ්න අංක 08
මධ්‍යම පාලනයට හානියක් නොකර ඊට සංවේදනයන් ඇති කිරීමට අවශ්‍ය ද?

ප්‍රශ්න අංක 09
වංචා,දූෂණ,මැර බලය ආදී යහපාලනයට හානිකර දේ පිළිබඳ ඔබේ සංවේදිතාව කොපමණ ද?

ප්‍රශ්න අංක 10
සිංහල අවුරුද්දට බඩු ගන්න පසුම්බියේ මුදල් ප්‍රමාණවත් වේ ද?

යටි සිතේ ඇති සැබෑ පිලිතුරු පත්‍රය ඔබට සහය වනු ඇත.කුමණ ලකුණු ප්‍රමාණයක් ලැබුනත් 29 දා විභාගයට යන්න. ඒ ඔබේ එකම අයිතිවාසිකමයි.විශේෂයෙන් අපේ දකුණේ බුද්ධිමත් පිරිසට මේ ප්‍රශ්න පත්‍රය කිරි කජු වගේ ඇති.! පුද්ගල වාදයෙන් මිදී හෙට ගැන සිතමු... දන්න කියන අයටත් මේක දෙන්න.මීට පරස්පර ප්‍රශ්නාවලියක් ඔබ සතු නම් එකතු කරන්න.... අපි එයට ද ගරුකරමු.

අපි කුමක් කීවත් තීරකයා ඔබයි. නිදහසේ සිතන්න.
















2 comments:

  1. පුරස්න පත්තරේ නම් මරුය. ඒත් ඔව්වට උත්තර හොය හොයා ඉන්ට අපේ අයට වෙලාවක් නැතිය. අරෙහෙ විදුලි පුටුව ගැන මරහඬ තියලා පපුවට ගහගත්තම පෝලිමේ ගිහිල්ල කතිරය ගහනවාය. මේ පාර වෙන්නෙත් ඒකමය. ඒක කියන්නට හූණෙක් ඕනෑ නැතිය.

    ReplyDelete
    Replies
    1. දකුණේ ඉන්නේ බුද්ධිමත් ජනතාවලු ය... අපි බලමු හදවත ද බුද්ධිය ද ජය ගන්නෙ කියලා නේ ද?

      Delete