ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, March 24, 2012

සර්පයින් ලගතබාගෙන සිටි හිමිවරු දෙදෙනෙක් ඝාතනය කෙරෙති!

පසුගියදා හද සසල කරවන පුවතක් අසන්නට ලැබිනි.රෑ 9ට පමණ පැමිනි දෙදෙනෙකු විසින් කෝට්ටේ රජමහා විහාරයේ භික්ෂුන් වහන්සේලා දෙනමක් අමානුෂික ලෙස කපා කොටා ඝාතනය කර තිබීම ඒ පුවතයි.පසුව වාර්තාවූයේ එම පාහර ඝාතකයින් දෙදෙනා ඉතා ඉක්මනින් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වු බවයි.පොලිස් නිළ සුනඛයින් ගේ සහායද ඊට ලැබීතිබුනි. ඒ සියල්ලටම වඩා
මේ අපරාධකරුවන් අල්ලා ගැනීමට උපකාර වි තිබුනේ අපරාධයවු අවස්ථාවේ ඒ පන්සලේ රැදි සිටි බුද්ධිමත් දරුවකුගේ ක්‍රියාවකැයි ද වාර්තාවිණි.එනම් එම දරුවා අපරාධකරුවන් පලාගිය රථයේ අංකය වැලිමළුවේ ලියා තිබිමය. ඒ උත්කෘෂ්ඨ කියාව වෙනුවෙන් එම දරුවාට රටේම ගෞරවය නොමදව හිමිවේ.

සියල්ලටම පසුව මේ සිදුවිමට හේතු මතුවන්නට විය.ඝාතනය වු හිමිනමක් පන්සලේ රු ලක්ෂ 05ක් තබාගෙන සිටිබවත් ඒ පිලිබද ඝතකයන්(සැකකරුවන්) වන වෙනත් පන්සලක නිළමේ කෙනෙක් හා හීරළුවෙක් එම හිමියන් විසින්ම දැනුවත්කර තිබූබවත් සදහන්වේ.පසුව එම මුදල් හොරකම් කිරීමට පැමිණීමේදි මෙම ඝාතනය සිදුවී ඇත. පන්සල් තුල මුදල් රැස්කර තබා ගත්තේ ඇයි? එය අනවශ්‍යම වැඩකි.(දැන් කෙරෙන තරමක් කෙරෙන්නේ අනවශ්‍ය වැඩම තමයි) එදා කුඹුරක් අසල රන් කහවණු පොදියක් තිබෙනු දැක බුදු හිමියන් ආනන්ද හිමියන් අමතා" ආනන්දය සර්පයා දුටුවාද?" යනුවෙන් ප්‍රශ්න කළ වග අසන්නට තිබේ. අද බුදු පුතුන් පන්සල් තුල සර්පයින් රැස්කර  නිකරුනේ නහින්නේය. කිනම් අවාසනාවක්ද? මේවා කතා කර වැඩකුත් නැත. එකෙකුවත් හැදෙන්නේ ද නැත. ඒත් නොකියාද බැරිය.

පන්සල් තුළ තිබිය යුත්තේ ආදර්ශවත් බව, අල්පේජ්ජතාව ආදි ගුණදම්ය. අර්හත් ධජය පෙරවු පමනින් සියලු මිනිසුන් භික්ෂුන් ලෙස දකින අප බලාපොරොත්තුවන්නේ පන්සල හරහා නිස්සාර සසර ජයගත හැකි උතුම් සද්ධර්මය මිස ධනය,රන් පත්තිරු,රාජ ඔටුනු,කඩු  කස්තාන නොවන බව මුන්වහන්සේලා තේරුම් ගතයුතුය.

"තණ්හාය ජායතී සෝඛෝ-තණ්හාය ජායති භයං"(ධම්ම පදය)

4 comments:

  1. pansale salli nathuwa pansale light bill wathura bill gewanne kauda? pansale anikuth wiyadam walata gewanne kauda? Food wage, oyada? nane? issara kale hamadema dan kaleta galapenne na, kalen kaleta hamadema wenas wenawa, api inna kaleta anuwa hadagahenna ona, moda katha kiyanna epa

    ReplyDelete
    Replies
    1. අනේ අනේ ඩිෂාන්, ඔයා දන්නවාද බුදු දහම අකාලික දහමක් කියලා. එදා බුදුන්වහන්සේ සර්පයකු ලෙස දැක්වු මුදල් අදත් එහෙම බව නෙවෙයිද මේ පසක්වුනේ? පන්සලේ මාසික වියදම් වලට මේසා මුදලක් ලගතබාගතයුතුද?
      බුදුන්වහන්සේ වදාල පරිධි අල්පේජ්ජව වෙසෙන්න භික්ෂුන්ට බැරිනම් ගිහි අප ගැන කවර කතාද? ඔහොම ගියොත් ඔබ කියාවි භික්ෂුන් පවුල් නඩත්තු කරත් කමක් නෑ කියලා. පනින රිළවුන්ට ඉනිමං නොතියා ඔබේ බුද්ධි ස්වභාවයත් රටට නොපෙන්වා පාඩුවේ හිටියානම් තමා හොද!

      Delete
  2. සර්පයා නෙමෙයි...සපුමල් කුමාරයගේ මගුල් කඩුව තියෙන්නේ කෝට්ටේ පංසලේ සේප්පුවක....ඒක ගන්න ඇවිල්ලා තියෙන්නේ....ඔය ඒක වහන්න ගොතපු කථාවක්.....

    ReplyDelete
    Replies
    1. ඒක කටකථාවක් පමණක් නිසා ලීවේ නෑ. අපිටත් ආරංචි උනා. ෂුවර් නෑ නේ!

      Delete