ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Sunday, November 2, 2014

පොඩි ගාණක් හදමු ද?

සෑහෙන කාලයකින් බුද්ධි කලම්භනයක් කරන්න බැරිවුන නිසා ඔන්න අපි පුංචි ගණිත ගැටළුවක් අරන් ආවා.
‍පහුගිය ඒවට වඩා නං හුඟක් ලේසි වෙයි.

ඕං එහෙනම් බලන්න පුළුවන් ද කියලා.... මේක පොල් ප්‍රශ්නයක්!

පොල් මිල ගැන නෙවි හරි ද?



ඔන්න එක පොල් කඩන්නෙක් හිටියා. මෑන් ‍පොල්වත්තක හොරාට පොල් කඩනවා. හොරාට කිව්වට අයිතිකාරයට හොරා මිසක් මුර කාරයන්ට හොරා නෙවි. මොකද වැඩේට මුරකාරයනුත් හවුල්(හරියට කොහේද රටක දේශපාලනේ වගේ)

මේකයි සීන් එක..

ඉතින් ඔන්න මිනිහා ගස් නැගල පොල් ගොඩක් කඩාගත්ත. දැන් තමයි ඩීල් එක!

කඩපු පොල් ගොඩ හරියට දෙකට බෙදලා පළමු මුරකාරයට කොටසක් සහ තමාට කොටසක් වෙන් කරා. දැන් තමාගෙ කොටසිනුත් එක ගෙඩියක් මුරකරුට දැම්මා. දැං මුරකරු සැටිස්! හොරාට යන්න දුන්න.

ටිකක් ඉදිරියට තම පොල් ගොඩ අරන් අපේ හොරා යද්දි දෙවැනි මුරකරු ට අහුවුනා. ආයෙත් පොල් ගොඩ දෙකට බෙදලා තමන්ගෙන් එකකුත් වැඩිපුර දීලා ෂේප් වුනා...

මෙන්න බොලේ තව ටිකක් දුර යද්දි තුන්වැනි මුරකරු ට අහුවුනා. ආයෙත් පොල් ගොඩ දෙකට බෙදලා තමන්ගෙන් එකකුත් වැඩිපුර දීලා ඒකගෙනුත් බෙිරිලා තම ඉතිරියත් අරන් හොරා ගෙදර ගියා.

දැන් අපි අහන්නේ හොරා කඩපු පොල් ගාන සහ ගෙදර ගෙනියපු පොල් ගාන කීයද කියලා? උත්තර කීපයක් ඇති, අපි බලාපොරොත්තුවෙන්න‍ෙ අවම අගයයි.(අපහැදිලි නම් ප්‍රශ්න කරන්න)

උත්තරේ අපි දාන්න‍ෙ ලබන බදාදා(05/11/2014) අපි දන්නවා ඊට කලින් ඔයාලා උත්තරේ කමෙන්ට් කරන බව....

1 comment:

  1. පිලිතුර හොයාගන්න අමාරුවෙලා වගෙයි!
    කැඩුපොල් ගනන=22
    ඉතුරු පොල් ගනන=1

    ReplyDelete