ඇය ඔහු දෙසම බලාසිටියාය... ඔහු සමීපයේම පසුවිය. ඔහු ඇය දුටුවාද? ඇය දුටුව ද නොදුටු සේ සිටින්නට ඔහුගේ සිත ඔහු පොලඹවාලීය....
ඇය ඔහු සෙවූ ඈ ම නොවූ නිසා ද?
ඇය නොයෙක් ඉංගත පෑවාය. නමුත් ඔහු දැඩිව අන් යමක් සෙව්වේය... එය හමු වුණි ද? නැත....
ඇය ද සෙමෙන් ඔහුගෙන් දුරස්විය.
දැන් ඔහු නෙත් පිස දා තම නේත්‍රමානයේ සොයාබලයි. ඇය නැත!
මුරණ්ඩු සිත දැන් කියන්නේ කුමක් ද? සොයන්නේ කුමක් ද?
නෙතු අද්දර සිටිය
කිරිල්ලී
දුටුවේ නෑ ගියා ඉගිල්ලි
නෙත් සෙව්වේ රන් මී මැස්සී
දැන් නං සිත ලෝබ දැනෙයි
පුංචි කිරිල්ලී
නිතර නිතර දුටුව නිසා
ඔබෙ රුව අරුමයක් නොවුනදෝ
නිතර නිතර ඇසුන නිසා ඔබෙ
හඬ මිහිරක් නොවුනාදෝ
හතර වටින් සිටි මිතුරන්
හින්දා ඔබ මගහැරුනා දෝ
වටින්ගොඩින් පාළු දැනෙන
හින්දා දැන් ඔබ සිහිවී දෝ
නෙතු අද්දර...
අතර පතර සැරින් සැරේ ඔබ
මා හට ඉඟි පැවාදෝ
අසුර රජෙක් විලසින් මා
ඔබහට පිටු පෑවාදෝ
විසිර ගිහින් සියළු
පැතුම් මා හද හිරි වැටිලා දෝ
ආදර සිත දොතට ගෙන
කිරිල්ලියේ ආයෙත් ඔබ එනවා දෝ
නෙතු අද්දර...
ගී සංකල්පනාව: සම්පත් වීරතුංග ආරච්චි
විමසීම්:udan.sampath@gmail.com