ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Saturday, January 3, 2015

මහින්ද නැති කලෙක අපි?



ජනපතිවරණයට තව ඇත්තේ දින කිහිපයකි.මහින්ද රාජපක්ෂ මහතාත් මෛත්‍රීපාල සිරිසේන මහතාත් මේවනවිට කරට කර සටනක නිමග්නවී සිටී. මේ අතර දෙපසටම අතිශයින්ම අප්‍රසන්න අවලං පැනිලි රැසක් ද සිදුවී හා සිදුවෙමින් තිබේ. 

මහජනතාව ප්‍රධාන සාධකය විය යුතු තැනක ඔහු විපරීතවු මනසකින් යුතුව අන්දුන් කුන්දුන් ව බලාසිටී.
මහින්ද රාජපක්ෂ මහතාට සහය පලකරන පිරිස් පවසන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා වටා සිටින පිරිස් විශ්වාස කල නොහැකි බවත් රටබෙදීමට කටයුතු කරන පිරිසක් බවත් ය. විශේෂයෙන් මුස්ලිම් ජන නියෝජිතයන් හා දමිල ජන නියෝජිතයන් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පලකරනුයේ සිය ස්වයංපාලන අයිතිය දිනාගැනීමට බවයි.

ඒත්...

මේ ඉහත කී පිරිස මහින්ද රාජපක්ෂ මහතාට සහාය පලකල සමයේදී සහ තවදුරටත් සහාය පලකලේ නම් හෝ ඔවුන් තවදුරටත් බෙදුම්වාදීන් නොවිය හැකිය. ඒ අනුව මෙවර නොව කවර වරෙක හෝ මහින්ද රාජපක්ෂ මහතා නමැති පොදු සාධකය නොමැති නම් මුස්ලිම් ජන නියෝජිතයන් හා දමිල ජන නියෝජිතයන් සිංහල ජන නියෝජිතයන් හා එක්ව කටයුතු කල නොහැකි නොවේ ද? සහජීවනයක් කවදා ඇති වෙයි ද?කිසි කලෙක මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව ශ්‍රී ලංකාව නම් රාජ්‍යට පැවැත්මක් නැතිවනු ඇත.

ගැටළුව....

කිසිවකු සදාකාලික නොවීමයි. සියළු සංස්කාරයෝ නැසෙන සුළුය.

ලාංකික ජනයා දේශපාලනිකව අවස්තිථියට ලක්ව තිබේ. එනම් දැන් මේ චලනය වන දේශපාලන රටාව වෙනස් කිරීමට හෝ නිශ්චල වීමට අකමැති වීම හා එයට කැමති වුවත් ඇති කර ඇති බිය නිසා එයට යොමු නොවීමයි.

කවදා කවුරුන් මෙය වෙනස් කරයි ද? එය කලයුත්තේ පිටස්තර බලයකින් නොවන බව තේරුම්ගන්නේ කවදාද?

මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ වෙනස කිරීමට පැමිනි ඉටු දෙවියා යයි අපි නොසිතමු,නොකියමු. වරෙක කියන දේ ඊලඟ මොහොතේ වෙනස් කරන සුළු චරිත ස්වභාවයක් ඇති ඔහු පුද්ගලිකව විශ්වාස තැබිය හැකි අයෙකු නොවේ.

නමුත්...

ඔහු යම්ලෙසකින් අත්තනෝමතික ලෙස කටයුතු කරගෙන යනු ලැබුවහොත් ඔහු වටා සිටින විවිධ බලවේග විසින් යම්තරමිකින් ඔහු බැඳතබනු ඇතැයි දැනට වඩා විශ්වාස කල හැකිය.

අපි දැන් අඳුරු වනාන්තරයක මායිමට පැමිණ තිබේ පසුපසින් ඇත්තේ නිරුදක කතරකි. කතර පිලිබඳ අපි දනිමු. වනාන්තරය අඳුරය,නමුත් එහි ජලය හා අහර තිබිය හැක.වගවලසුන්,මරුවැල්,අමනුෂ්‍යන් ද සිටිය හැකිය. කලයුත්තේ ඉදිරියට පියවරක් තබා බැලීම ද? ආපසු හැරීම ද?


තීරණය ඔබ සතුය...

Saturday, December 27, 2014

ඡන්දෙ දැම්මෙ නැද්ද?

2015 ජනාධිපතිවරණය පාදක කරගනිමින් අපි ආරම්භ කල මත විමසුම අවසන් දින කීපයට පැමින තිබේ. කිසිදු ආකාරයක පක්ෂග්‍රාහීබවක් නොමැතිව 100%ක් ඔබේ නිදහස් මතයම ප්‍රදර්ශනය වන මෙි සඳහා දායක නොවු ඔබේ ‍ගෞරවනීය ප්‍රතිචාරය අපි තවදුරටත් බලාපොරොත්තුවන්නෙමු.

එන්න ජනවාරි 08 වන දාට පෙර සැබෑ ජනමතය කුමක් ද යන්න තක්සේරු කරගන්න ඔබත් දායක වන්න...

www.kiripeni.blogspot.com

Saturday, December 6, 2014

මීලඟ ජනපති කවුද?

2015 ජනවාරි මස 08 වන දින පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට පූර්වගාමීව පැවැත්වෙන විද්‍යුත් මත විමසුම.

"කිරිපැණි" අපි මතවාදී ලෙස කුමන පාර්ශවයක සිටියත් සෑම විටම ඔබේ නිදහස් මතයට ඉඩදුන් බව ඔබ දන්නවා.ඒ අනුව යමින් එළැබෙන ජනපතිවරණයේදී ජය කාට හිමිවේදැයි මත විමසුමකින් සොයාබලන්න අපි හිතුවා.

මුලින්ම ප්‍රධාන අපේක්ෂකයින් දෙපල පිලිබඳ පුංචි ප්‍රත්‍යාවලෝකනයක් කරන්න අපි කල්පනා කලේ ‍ඔබේ මනසේ යටගියාව මඳක් ඔපමට්ටම් කරන්න ඕන නිසයි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කල මෙහෙවර කොහොම අමතක කරන්න ද? මේ ඒ පිලිබඳ අබින්දක්!
  • 30 අවුරුදු ශාපලත් යුද්ධය නිමාකරන්නට නොසැලෙන රාජ්‍ය නායක්ත්වය ලබාදීම.
  • සිඝ්‍ර සංවර්ධන වැඩපිලිවෙල ඔස්සේ අධිවෙිගී මාර්ග,නව වරාය හා ගුවන්තොටුපොල,දුම්රිය මාර්ග වැනි ඉදිකිරීම් සඳහා කැපවීම.
  • මහින්දෝදය විද්‍යාගාර,පරිගණක විද්‍යාගාර ඇති කිරීම.
  • නවීන තාක්ෂණය ව්‍යාප්ත කිරීම.
දැන් අපි මෛත්‍රීපාල සිරිසේන හිටපු ගරු ඇමති තුමා ගැන අවධානය යොමු කරමු.
  • යුධ ජයග්‍රහණය සඳහා ජනපති වෙහෙසෙද්දී එතුමාට සවියක් වෙමින් එම රජයේ රැඳීසිටීම
  • තම අමාත්‍ය සමයේ දී ඔෟෂධ පනත පර්ලිමේන්තුවට ගෙන ඒමට උත්සාහ දැරීම.
  • දුම්වැටි පැකට් සදහා 80% ක රූපමය අවවාද යෙදීමට උත්සාහ දැරීම.
  • රජරට සංවර්ධන වැඩ සඳහා රාජ්‍ය අවදානය යොමුකරවීම.
ප්‍රත්‍යාවලොකනය අසමබර බව පේන්න පුළුවන්.ඒ විධායක ජනපතිවරයෙක් හා ඔහු යටතේ සිටි ඇමතිවරයෙක් සැසඳීමට සිදුවූ නිසා බව ඔබට ඒ සමඟම වැටහෙන්න ඇති.

ඒ කුමක් වුවත් වත්මන් ප්‍රවනතා සහ අනාගත ප්‍රතිපත්ති පිලිබඳ අවබෝධයක් ඇති ඔබ ඔබේ නිදහස් මතය දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු!

Saturday, November 22, 2014

අනේ අපේ කලාකරුවෝ




කලාව යනු මිනිසා නම් වු ජීවියාගේ මනසතුල පමණක් උපදින මනස්කාන්ත මනෝභාවයක් ලෙස සරළව හැඳින්විය හැකිය.එය මිනිසාට දැනෙන දෙයකි. ඒ දැනිම,සංවේදනය සන්නිවේදනයකරන්නා කලාකරුවා ලෙස අපි හඳුන්වමු. ඒ මිනිසා අනික් මිනිසුන් අතර උත්තුංග පෞර්ෂයකි.

කවදත් අපේ කලාව,කලාකරුවා ගැන වන්දනීය මනසකින් කථාකල අපි අද අපේ කලාකරුවන්ගැන කතාකරන්න යන්නේ අතිමහත් කලකිරීමකිනි.

දේශපාලනය...

වෙන රටක නම් තවත් උත්තම ප්‍රස්තුතයකි. නමුත් අපේ රටේ ඒ තරම් ගඳගහන මාතෘකාවක් තවත් තිබේ ද? 

කලාවත් දේශපාලනයත් අතර අතීතයේ සිටම සබඳතා තිබුනු බව අපි දනිමු. ඒත් වත්මන තරම් කලාව නම්වු ශුද්ධ අයිතිය පාවාදුන් යුගයක් අපිට මෙනෙහි කිරීමට අපහසු විය.(අපේ දොසක් විය හැක)

කලාකරුවාට දේශපාලනය කිරීමට අයිතියක් ඇත.නමුත් එය පෞද්ගලික විය යුතුය.කලාකාර පෞර්ෂය, ප්‍රතිරූපය තුලින් දේශපාලනය කිරීමට යාම නිර්ලජ්ජිත වැඩකි. දේශපාලනය කිරීම සඳහා ජනතාමනාපය ඉල්ලා එය කුමන අයුරකට හෝ ලැබී පක්ෂයකට පූරිණ කාලීනව දේශපාලනය කරන කලාකාර දේශපාලකයන්ට අපි මෙහිදී දොස් නොකියමු. මන්ද ඒ සඳහා කැමැත්තක් සමාජ බහුතරයකින් ලබාගෙන ඇති බැවිනි.

ඒත්..

නිකරුනේ මුදල් කුට්ටියකට හෝ තනතුරකට,වරදානයකට ගිජුවී තම ආත්මයත් ප්‍රේක්ෂක සමුහයත් තම වෘත්තියත් අමු අමුවේ පාවාදී මලබෙරිහන් දෙන අජූත කලාකරුවන් ගැන අපි සාතිශයලෙස දුක් වෙමු.!

යුක්තිය,සාධාරණත්වය,යහපාලනය යන කාරනා ඇස්පනාපිට කඩකරන්නන් වෙනුවෙන් අතට හසුවන ඔනෑම පඩංගුවක් ගෙන කඩේ දුවන එවන් පුද්ගලයන් ගැන ප්‍රෙක්ෂකයා අවබෝධයෙන් යුතුව බලා සිටිය යුතුය.මන්ද ඔබේ මසැස තුලින් මනසට එබී යම් යම් විෂබීජ ඒතුල තැන්පත් කිරීමට ඔවුන්ට සහජ කුසලතාවක් ලැබී ඇති නිසාය.

කලාව නම්වු දේවතාවිය ජරාජීර්ණ,සල්ලාල දේශපාලක නම්වු රකුසා ඉදිරියේ නිරුවත් කරන මෙවන් අය කලාකරුවන් නොව කලා දෙවොලේ පඬුරු පෙට්ටිය දෙස ඇසගසා සිටින දෙවොල්කපුවන් වන්නේය.

(සංවාදයට විවෘතයි) www.kiripeni.blogspot.com

Sunday, November 2, 2014

පොඩි ගාණක් හදමු ද?

සෑහෙන කාලයකින් බුද්ධි කලම්භනයක් කරන්න බැරිවුන නිසා ඔන්න අපි පුංචි ගණිත ගැටළුවක් අරන් ආවා.
‍පහුගිය ඒවට වඩා නං හුඟක් ලේසි වෙයි.

ඕං එහෙනම් බලන්න පුළුවන් ද කියලා.... මේක පොල් ප්‍රශ්නයක්!

පොල් මිල ගැන නෙවි හරි ද?