අනන්තජින වූ තුන්ලෝකාග්‍ර වූ ශාන්තිනායක වූ අමාමෑණී වූ ලොකනාථ වූ ශාක්‍යසිංහ වූ අංගීරස ගෞතම ශ්‍රී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමගුල සිහිකෙරෙන වෙසක් පුර පසලොස්වක් පොහොය දිනය අදයි.
සිදුහත් උපත,සම්බුද්ධත්වයට පත්වීම,මහා පරිණිර්වාණය යන කාරණා සිහිකෙරෙන අද දින අප බුදුන්වහන්සේ ගිහි අපට දේශනා කල අවම සීලයවත් රැක(පන්සිල්) ඒ තුලින් ප්‍රතිපත්තිගරුක වී අන්‍යාගමිකයන්ට ද ආදර්ශයක් ලබා දී බුදු දහමේ වටිනාකම් මතුකරන්නට ඔබ සැමට සිත් පහල වේවායි අපි පතමු...!
Sunday, May 3, 2015
Tuesday, April 14, 2015
Wednesday, April 8, 2015
බුද්ධ පුත්‍රයෙකු ගේ භවයක නිමාව!
අස්ගිරි පාර්ෂවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්ඛිත ස්වාමින්වහන්සේ අද(2015/04/08) අළුයම සිංගප්පූරුවේ රෝහලක දී අපවත්වූ බව සංවේගයෙන් යුතුව මෙසේ සටහන් කොට තබමු.
බුදු සසුනේ චිර පැවැත්ම වෙනුවෙන් මහත් සේවයක් කල උන්වහන්සේ ගේ ආදාහන පූජෝත්සවය 12 වන දින සිදුකෙරෙන බවත් එදින ජාතික ශෝඛ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර අති බවත් දැනගන්නට තිබේ.
අපි බුද්ධ රක්ඛිත හිමියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු!!!
(නාහිමියන්ට කරන ගෞරවයක් ලෙසින් අපගේ පිටුවෙහි පසුතල වර්ණය ලෙස 12/04/2015 තෙක් පඬු පැහැය යොදන බව කරුණාවෙන් සලකන්න.)

Friday, April 3, 2015
නරි නෑවීම
සිදුවූයේ කුමක් ද? සිදුවන්නට යන්නේ කුමක් ද? අපි ඒ ගැන සිතිය යුතු ද? ලියන්නට බොහෝ දේ ඇත... ලියා වැඩක් තිබේ ද? මේ රට මේ ඔලමොට්ටල දේශපාලකයන් සමඟ ගොඩනැගිය හැකි ද? කිසි දා නොහැකිය.
සියල්ලෝම එකය....
පසුගිය ජනවාරියේ අපි සිදුකලේ "මැක්කන් මැරීමට බල්ලාට වෙඩි තැබීම" යැයි අන්තර්ජාල සටහනක් දුටුවෙමු. ඒත් බල්ලා තවමත් මැක්කන් සොයාගොස් ඇඟේ දමාගනිමින් සිටිනු පෙනේ.... බල්ලා ද හැදෙන පාටක් නැත.
මැක්කෝ ද බල්ලන් නැත්නම් නරින්ගේ ඇඟේ හෝ එල්ලී දිවි ගැටගසා ගනිති.අපි හැමදාම එක්කෝ බල්ලෝ නාවති නැති නම් නරි නාවති. එක අතිකට බල්ලා නෑවීම වරදක් නොවේ යයි කෙනෙකුට කිව හැක.ඒ ඌ බොරුවට හෝ සොරු දුටුකල බුරන නිසාය.
ඒත් නරි නෑවීමේ පලක් තිබේ ද?
අපි ඌ නාවා අත පිස දා හැරෙන විටත් උෟ බැද්දේ පෙරළෙමින් දහ ජරාවක් කමින් සිටිනු දැකිය හැකි වන නිසා ය.
ලගදී දිනක අපිට නැවතත් වතුර,සබන්,ෂැම්පු ද ලබා දෙනු ඇත. අපි සරම් කැසපට ගන්වා පෙලට එන නරි ද බල්ලෝ ද නහවමු! ඉන්පසු කුකුල් කොටුව බලා ගැනීමට උන්ට බාර දෙමු... එවිට බල්ලන්ට හොරා නරි ද (මෙවන් වැරදි නිසගයෙන්ම නරින් පිට පැටවිය හැකි නිසා) නරින්ට හොරා බල්ලන් ද කුකුල් කොටුව බුක්ති විඳින හැටි අපිට අර සබන් ම කකා බලා සිටිය හැක.
නැවත ද බල්ලන් හා නරින් තර වු කල මැක්කන් ද ඉබේ ම බෝවී දෙපාර්ෂවයේම සාරය උරමින් යෙහෙන් කල් ගෙවනු ඇත.
ඉන් පසු බල්ලන් හා නරින් සමාන යයි ද අපි වෙනස්ම සුන්දර සතුන් කොටසක් යැයි ද පවසමින් වෘකයින් අපි හමුවට එනු ඇත. අපි උන් විමසා බලා දැනට මැක්කන් වැඩිය වසා නැති හෙයින් ඉතුරු කුකුලන් බලා ගැනීමට උන්ට පවරනු ඇත.
සෑහෙන කලක් සුදාගින්දරේ පසුවු වෘක රැළ කුමක් කරනු ඇති ද?

Sunday, February 1, 2015
දූෂිත දේශපාලකයින් ගෙන් තොර නිදහස් ශ්‍රී ලංකාවක්...
බලව් පොලොන්නරු අනුරාපුර පෙදෙස
සිතව් පැවති නිදහස මෙහි පෙර දවස
නගව් තව තවත් තිරසර තරුණ ගොස
වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙ ඇස
"නිදහස් මන්ත්‍රය- ටිබෙට් ජාතික එස්.මහින්ද හිමි."

Subscribe to:
Posts (Atom)