ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Sunday, February 3, 2013

අපි හෙට සිට එයින් නිදහස් වෙමු!

1948 පෙබරවාරි මස 04 වන දා, ඒ කියන්නේ මීට වසර 65කට පෙර හෙට වැනි දිනක මේ පුංචි දිවයින අධිරාජ්‍යවාදීන්ගේ කෘර පාලනයෙන් නිදහස් වුනා.ඒ එදා සිටි විරුවන් වසර ගණනක් කල සටන් සහ අරගල වල ප්‍රථිපලයක් විදියටයි.(හැබැයි ඒ පරිපූර්ණ නිදහසක් නොවනබව මතක තබාගතයුතුයි.)අදත් ඇතමුන් සිහිනෙන් බියවී මෙන් වගේ කෑ ගසන අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණ පිලිබද
හුදීජනයා බිය වන්නේ එදා දුටු කුරිරු පාලනය ගැන සිහිවීමෙන් විය හැක.

ලැබු නිදහසින් පසු අපේ පාලකයන් රටවැසියන් අද වන තුරු කිසිදු කුරිරුකමක්, අසාධාරණයක් නොමැතිව  යහතින් බලාකියාගන්නා බව මෙය කියවන ඔබේ නෙතට පණ උපදවන කුසපොත්ත සාක්ෂි දරණවා ඇති.

ඒ පිලිබද කථා කර පලක් නැත.... අපි පලක් අති දෙයක් කතා කරමු.

එදා අධිරාජ්‍යවාදීන් අපිට උරුමකර ගිය කරුමයක් අපි අදවනතුරු කරතබාගෙන යන්නෙමු.ඒ මත්පැන් සහ දුම්වැටියයි.

ඔබ මේ දෙකට යටත් වැසියෙක් ද?

මේ කරුමයෙන් නිදහස් වන්නට රටේ බුද්ධිමත් පිරිසටවත් ඇතැම්විට නොහැකි වී ඇත.අද සමාජයේ කැපී පෙනෙන්නට,සමාජගත වන්නට,සිංදු කියන්නට,නටන්නට,ලියන්නට ආදී සකලවිද කාර්යයන්ට අද මත්පැන් හා දුම්වැටිය අවශ්‍යවන තරමට අපි බෙලහීනයන් වී සිටිමු.වහලුන් බවට පත්වී සිටිමු. ඉතින් අපි නිදහස් ද?

මේ දෙකම එකවර නැවැත්වීමට අපි ඔබට නොකියමු.(හැකිනම් ඇත්තටම ඔබ අපේ ජාතික වීරයෙකි)අඩුම වශයෙන් දුම්වැටියවත් නවත්වන්නට හැකිනම්... එය කෙතරම අගනේ ද? ඔබේ ආර්ථිකයට කෙතරම් සවියක් වනු ඇති ද? අපේ අනාගත පරපුර පවා වන්ද්‍යකරණයට ලක්කරවන මේ විෂ අත්හරින්නට හැකිනම් එය ජාතික මෙහෙයකි.ජාතියගැන කැක්කුමින් අන්තර්ජාලයේ මරළතෝනි නගන අය මේ ගැන අවදානය යොමුනොකර සිටීම පුදුමයකි!

බලන්න සිගරට් කොටයක තිබෙන විෂ-













ජිවත් වන්නට ඔබට මේ විෂ අවශ්‍ය ද? හොද හුස්මක් ගෙන බලන්න. ඇත්තටම අවශ්‍ය නෑ නේ ද? එසේ නම් තීරණයක් ගන්න.













හැබැයි තීරණය හෙට සිටම ක්‍රියාත්මකවිය යතුයි.බාලගිරි දෝෂය(මැතිවරණ පොරොන්දු) වගේ නොවිය යුතුයි.














ඔබට ජය!!!!

No comments:

Post a Comment