ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Tuesday, January 8, 2013

අපිට 1 යි අපි 1ටයි...


රුහුණේ සාරය-කිරි පැණි! 

ඒ අපේ තේමාව බව අපිත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා කවුරුත් දන්නවා නේ.ඉතින් රසවතුනි,මේ තේමාව අනුව ඔබට විවිධ විශේෂාංග ඉදිරිපත් කරමින් වඩාත් අර්ථවත් බ්ලොග් කලාවක් ඇතිකිරීමට අපි උත්සාහ කළා. ඔව්.. ඒ උත්සාහය අරඹා අදට හරියටම වසරයි.

මේ කෙටි කාලයතුල අපි පෝස්ට්(ලිපි) හැටක් හැත්තෑවක් පමණ ඉදිරිපත් කළා(නව කථාවේ යාවත්කාලීන දැන්විම් ද ඇතුළුව).මෙම ලිපිය කියවන ඔබ ද ඇතුළුව ගෞරවනීය ප්‍රෙක්ෂකයින් පිවිසුම් වාර හය දහස් පන්සියය (6500) ඉක්මවා අපවෙත පැමිණියා. ස්තූතියි!!!

අපි ඔබත් සමග බොහෝ දේ කතා කළා.ප්‍රහසනය,තර්කනය,බුද්ධි වර්ධනය යන අංශයන් ඔස්සේ අපි මේ නිදහස් අන්තර්ජාල අවකාශය ප්‍රයොජනවත් ලෙස පරිහරනය කරන්න ‍වැරවෑයම් කළා.එහි සාර්ථකත්වය කෙතරම් ද කියා අපි නොදන්නාමුත් ඔබ දන්නවා විය හැකියි.

මිත්‍යාවන්ට එරෙහිව අපි පුංචි ගිණි පුළිගුවක් බිහිකළා.(ජ්‍යෝතිෂ්‍ය නම් වූ තිරස්චීන මිත්‍යාව)එයින් වේදනාවට පත්වු ඇතමුන් අපිට තර්ජනාත්මක අවවාද දුන්නා.ඒ ඔවුන් කීයක් හෝ උපයා ගන්නේ මිනිසුන්ට මෙම කසිකබල් මිත්‍යාව අලෙවි කිරීමෙන් වන නිසා විනා අවම වශයෙන් හෝ ඔවුන්වත් මෙයට ගරුකරන නිසා නම් නොවේ.මේ ලැබු නව වසරේ වත් මෙම උවදුරෙන් ගැලවි උට්ඨානවීර්ය පළමු තැන තබා,ඔබට හැකියාව ඇති මොහොතේම සුභ කටයුතු අරඹන ලෙස බුද්ධිමත් ඔබගෙන් ඉල්ලා සීටීමු. එය අපගේ මේ වසරේ ද ඉල්ලීමයි. ඔබ ඔබ ගැන විශ්වාස තබන්න.

කාලීන සිදුවිම් තීරුලිපි ආකෘතියෙන් ඔබට සමීපකරිම සදහා අපි දැරූ උත්සාහය තමයි “කිරි ආතාගේ කතා”.මේ මගින් යම් යම් කාලීන සිදුවීම් උපහාසාත්මකව(අපහාසනොවේ) සාකච්ජාවට බදුන්කිරීමට අපි අදහස් කළා.එය සාර්ථක කරමින් බොහෝදෙනා එම ලිපි රසවිද තිබුනා.

“ඔබ මට තරුවකි” අපේ නව කථාව වසරකට ආසන්න කාලයක් ඔබට ඉදිරිපත්කරන්න අපිට පුළුවන් වුනා.දැන් එය අවසානයට ලගාවෙමින් තිබෙනවා.බොහෝ දෙනෙක් එහි යාවජිව රසවතුන් බව අපි දන්නවා. 

තවත් විශේෂ ස්තූතියක් තියනවා... ඒ අපේවගේ සිංහල බ්ලොග් අඩවි ඒකරාශි කරන සින්ඩි පවත්වාගෙනයන පිරිස.විශේෂයෙන්ම “සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය” සහ "අපි අපිට" බ්ලොග් සින්ඩි නම් කරන්න පුළුවන්.ඔබ සියළුදෙනාටම ස්තූතියි!!

                                                        

1 comment: