ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Tuesday, February 21, 2012

මැජික් එක පටාං ගමු

කලිං පෝස්ට් එකට කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි!
ඔන්න පොරොන්දුව ඉටුකරන්න යන්නේ... කට්ටිය අවශ්‍ය දේවල් සූදානම් කරගත්තා නේද?(පොඩ්ඩෝ මේවා නොකරත් කමක් නෑ)

වැඩිය නෑ ගිණිපෙට්ටියයි විදුලි එළියයි නේ ඕන.

හරි, දැන් ඔය ගිණිපෙට්ටියේ වෙඩි බෙහෙත් පටිය සීරුවට ගලවා ගන්න.
ඒකේ තියන කාඩ්බෝඩ් කොටස ඉවත් කරන්න(යන්තමට තිබුනට කමක් නෑ).

දැන් ඒක දෙකට ඉරලා පිරිසිදු සිමෙන්ති පොළවේ තියන්න.... රායිට්.

ගන්න ගිණිකූරු දෙකක විතර වෙඩිබෙහෙත්( ගිණිකූරු ඔලු).තියන්න අර බිම තියපු පටි කෑලි උඩින්.දැන් පරිස්සමට ඒවට ගිණි තියන්න.

"හෝස්ස්ස්ස්...."

ඇවිලුනා ද?

හරි.සියල්ල අලු උනාම ඒ ටික ඉවත් කරන්න. දැන් බිම ඇති තෛලෝදයක්(ඉටි වගේ දෙයක්) එක ගන්න ඔබේ අතේ දබරඇගිල්ලෙන් හා මහපට ඇගිල්ලෙන්.

ඔබ මැජික් එක පෙන්වන්න දැන් සූදානම්. යන්න විදුලි බුබුල යටට.අත ඒ දෙසට යොමු කර "ධුම් මචාලේ" කියලා අර ඇගිලි දෙක එකිනෙක පිරිමදින්න. ඇගිලි තුඩුවලින් දුම් පිටවෙන හැටි පෙන්වි. පිරිසිදු තැනක කරානම් අර තෛලෝදය අත දෙස බලන කාටවත් පේන්නේ නෑ(අවර්ණයි).

සියල්ල ප්‍රවේසමෙන් කරන්න.අවසන්වු පසු අත සෝදන්න.

දිගටම අපසමග රැදීසිටින්න....


කරලා බලපු අය ගුණ අගුණ කියන්න කෝ...

2 comments:

  1. මම කරල තියනව. නන්ස්ටොප් දුම යනව.

    ReplyDelete
  2. එල. නියමයි. කරල බලන්න ඕන.

    ReplyDelete