ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Wednesday, January 8, 2014

දෙවසරක රස

සුබ දවසක්!
ඉතින් රසවතුනි,අද අපිට හරිම සතුටු දවසක්.අපි මේ බ්ලොග් අඩවිය ආරම්භ කරලා අදට හරියටම වසර දෙකක් ගතවෙලා.අපිට මේ පුංචි කාලය තුලදි ඔයා වගේ වටින මිනිස්සු රැසක් සමග වටිනා චින්තනමය ගනුදෙනු රාශියක් කරන්න අවස්තාව ලැබුනා.ඇත්තටම සතුටුයි!

වත්මන් සමාජයේ පවතින විවිධ ප්‍රස්තුත පිලිබද අපේ අදහස අපි ඔබට කීවා.ඔබ ඊට ප්‍රතිචාර දැක්වූවා. ඒ සැමට ස්තූතියි.
2013 වසරේ අපි බොහෝ හේතූන් නිසා මේ අඩවිය යාවත්කාලීන කලේ නෑ.ඒත් අපි නැවත ආ සැනින් ඔබ අපි වටා රොක්වුනා."ඔබ මට තරුවකි" නව කථාව මාස කීපයක්ම අළුත් කරන්න බැරිවුනා. ඒ හේතු‍වෙන් ඔබේ රසවින්දනයට බාධා වුනු බව අපි දන්නවා.. ඊට නැවතත් අපි සමාව ඉල්ලනවා. ඉතින් මිතුරණි,මේ වසරේ අපි මේ ආදරණීය බ්ලොග් වියමන  අවසන් කරන්න බලාපොරොත්තු වන නිසා දිගටම අපත් සමග රැදෙන්න කියලා ආරාධනා කර සිටිනවා.

අපේ අනෙක් විශේෂාංග දිගටම පවත්වාගෙන යන්නත් අපි  ඔබට පොරොන්දු වෙනවා.

ඔබේ මිතුරන්ටත් අපි ගැන කියන්න.


Wednesday, January 1, 2014

ජයග්‍රාහී නව වසරක් වේවා!!!!

හදවතට වඩා බුද්ධියට මුල්තැන දී සැබෑ මිනිසත් බව ජය කෙහෙලි නංවන තීරණ ගන්නට ඔබට ශක්තිය ලැබේවා!!!
                                            තීරණ ඔබෙයි.... එහි ප්‍රතිඵල අපි කාටත්... සිතන්න......

Wednesday, December 25, 2013

ඔබ මට තරුවකි 37


“ඒකද උඹ ඒ කෙල්ලගෙ ආදරේ මැද්දට පැනලා ඒක විනාස කලේ... දුකක් දෙන්න බැරි නිසාද”

එවර අවිශ්ක වහා නැගිට මලිත්ගේ කට අතින් වැසුවා. “නවත්තපන්” කියන්නා සේ ඔහු මලිත් දෙස බලා සිටියා.

රසවිදින්න,පිවිසෙන්න"නව කථාව" පිටුවට....

Wednesday, December 4, 2013

සින්දු-බින්දු

නිමිත්ත: සමන් ද සිල්වාට බින්දු වීරසිංහ පහර දෙයි(පුවතක්)

ප්‍රසිද්ධ ගායක සමන් ද සිල්වා මහතාට පළාත් සභා මන්ත්‍රී බින්දු වීරසිංහ මහතා විසින් පහර දුන්නේ යයි කියන සිද්ධියක් පසුගිය දා මාධ්‍ය ඔස්සේ මහ ඉහලින් කථා බහ කෙරුන බව ඔබ අපි සැවොම මේ වනවිට දනී.

සමන් ද සිල්වා මෙන්ම සියළුම කලාකරුවන් රටේ වටිනා සම්පත්ය. මේ වටිනා සම්පත් මෙසේ වැනසෙන්නේ ඇයි? මේ සිද්ධියේ දි මාධ්‍ය හමුවේ සිය සහෝදර කලාකරුවා වෙනුවෙන් පෙනීසිටි සුනිල් පෙරේරා මහතාගේ ගීයකින් ම ඇසුවොත් "මෙහෙම වෙන්නෙ ඇයි?"

කලාකරුවා සංවේදිය,නිර්මලය,පිවිතුරුය.... නමුත් බහුතර දේශපාලකයන් මෙන්ම රටේ දේශපාලනය ද අධමය, නීචය,දුෂ්ඨය....

ඉතින් අර අහිංසක කලාකරුවා දේශපාලකයන් අතර සිටින විට කුමක් සිදුවිය නොහැකි ද? ගුටි කා බේරුනා ඇති ය!

කුමන පක්ෂයකවත් දේශපාලන වේදිකාවකට හෝ දේශපාලකයන් ගැවසෙන තැනක හෝ මේ අහිංසක නොදරුවන් ගැවසිය යුතු නැත.එය මෙවන් සිදුවීම් වලට හේතුවේ.

අප කීවාට එසේ සිටීමට ද අපේ උතුම් කලාකරුවන්ට නොහැකිය,ඔවුන් දේශානුරාගයේන් දේශපාලන වේදිකාවලට නගිති,ආණ්ඩුපෙරලන්නට වේදිකාවලට නගිති.තම ජනප්‍රියතාව ජනඅප්‍රියතාවක් වනතුරු කෑමොර දෙති... ගුටි ද කති.... සියල්ල සිදුවු පසු නැවත ජනතාවටම කියති. අපි කුමක් කරමු ද?

අද සිදුවි ඇත්තේ සමාජයේ සියල්ලෝමපාහේ තමාට අයිති කාර්යය හැරුණුවිට අනිත් සියලුම දේ කිරීමට යාමයි.

මේකත් හරියට උද්‍‍ඝෝෂණයක් මැද්දට පැනපු භික්ෂුන්වහන්සේ නමකට මිනිසුන් වටකර පහර දුන් විට "පව් ද නැද්ද" ඇසුවා වාගේය. පන්සලේ සිටිය යුතු අය යුද්ධයක් මද්දට පැන වෙඩිකෑවා වැනි නොවේ ද?

හැම දෙනාම පරාබවයට හේතු‍වන දේම කරමින් "අපි ‍දැන් ගොඩනැගෙමින් සිටිමු" යයි මොරදෙති. 

ඇත්තටම මේ දිනවල ඇද හැලෙන්නේ මෝසම් වැසි ද මුරුගසං වැසි ද? පරිස්සමින්..... තෙමෙන්න එපා!

Sunday, December 1, 2013

ඔබ මට තරුවකි 36

බොහෝ කලකට පසු හමු වුනු නිසා ඔයාට දැන් කතාව අමතකත් ඇති. මම පොඩ්ක් මතක් කරන්නම් කෝ...

අවිශ්කගේත් දිනිතිගේත් ආදර අන්දරය මැදට පැනපු විකුම් ඒ සියල්ල සුනුවිසුනු කලා මතකයි නේ.ඉතින් ඒ වගේම දෙපාර්ෂවයේම නොමද කැමැත්ත ඇතිව දිනිතිව විවාහත් කරගත්ත නේ. ඒ ගැන සිතමින් හිටපු දිනිති අසනීප වෙලා ඇයව බලන්න එද්දි විකුම් දරුණු රිය අනතුරකට ලක්වුනා මතක ද?පසුව ඔහුට සිය දකුණු පාදයත් අහිමි වුනා. සිය සැමියට වුනු විපතෙදි දිනිතිට ඔහු ගැන අනුකම්පාව මුසුවුනු ආදරයක් ඇතිවුනා.... 
සංකීර්ණ මිනිස් හැගුමන් වචන,අකුරු ඔස්සේ හරියටම විග්‍රහ කරන්න අපහසු වුනත් සුන්දර හදවත් වලට ඒ හැගුමන් වැටහෙනවා. එවන් ආදරණීය හදවතක් අති ඔයාට නැවත මේ කථාව විවෘතයි.....

පිවිසෙන්න "නව කථාව" පිටුවට...