පසුගිය දා නිමාවුනු දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟාවලියේ සිහින තරුව බවට කිරුළු පැලැන්දේ අඹිළිපිටියේ සිට පැමිණි එම්.ජී. ධනුෂ්ක බව මුළු රටම නොව ලෙවම දන්නා කරුණකි. එසේ නම් මේ දැන් පමා වී සුබ පතන්නේ කුමණ කරුණක් නිසා ද? අපිට සිහින තරු,සුපිරි තරු ගැන අපූරු ඉතිහාසයක් තිබෙන නිසාය.බොහෝ සුපිරි තරු බිහිවු පසු මුලින් කළ කී දේ උඩුයටිකුරු කරණ ඉතිහාසයක් අපිට තිබේ.එසේ හෙයින් ධනුෂ්ක සම්බන්ධයෙන් ද අපිට සාධාරණ සැකයක් ස්වල්ප ලෙස හෝ තිබීම සුබ පැතුම් තැබීමට පමා කීරීමට අපිට සිත් ඇති කලේය.
නමුත් දැන් යම් කාලයක් ගතවී ඇත. ධනුෂ්ක සම්බන්ධ තොරතුරු සහ ඔහුගේ අදහස් තරඟයට පෙර සහ පසු අතර විශාල විචලනයක් නොවී තිබීම ඔහුට අපගේ හද පිරි සුභාශිංෂන පිරිණමන්නට හේතු කාරණා සපයයි. තම අගහිඟකම් පලිහක් නොකර ආශිර්වාදයක් කොටගත් මේ සුන්දර තරුණයා ගේ සුවිශිෂ්ඨ ජයග්‍රහණය සැබෑලෙසම සියළු ශ්‍රී ලාංකික සංගීත රසිකයන්ගේ අමන්දානන්දයට හේතු විය. හදවත රත්තරන් ජෝති,එම්.එස්,රූකාන්ත වැනි ජනාදර චරිත අතරට එක්වු එකම රියැලටි තරුව බවට එම්.ජි පත්ව තිබේ.
ඉතින් සහෝදරයා ඔබේ ගායනයට,රංගනයට සේම ඔබේ සුපසන් අදහස් හා අවංක පෙනුමට ආකර්ෂණය වු ප්‍රේක්ෂක සමුහයා මුලා නොකොට,ඔවුන් ගේ නොමද ආදරයත් රැකගෙන ඉදිරිට යන්නැයි අපි සුභ පතමු.
තවත් යමක් නොකියාම බැරිය, බොහේ කලාකරුවන් කලා සේ පවුල් සංස්ථාව අවුල් නොකරගන්නටත්,දේශපාලන පක්ෂ වල ඉත්තකු නොවන්නටත් ඔබට හැකි විය යුතුය. මන්ද අද ප්‍රේක්ෂකයා වඩා සංවේදී හා බුද්ධිමත් පිරිසක් වන බැවිනි.
*******************************
දැන් බලමු මේ චන්දිමා කවුද කියලා. ඊයේ(25/07/2014) සිරස ලක්ෂපති බලපු අය නම් ඇය කවුදැයි දන්නවා ඇති.
ඇය උත්සාහවන්ත තිදරු මවක්. මේ වන විට රු.මිලියනයක් දිනා මිලියන දෙක අබිමුව සිටින්නියක්. තමන් උසස්පෙළ ලියන්නට සිටි අවදියේ වැලඳුන අසාමාන්‍ය රෝගයක් නිසා සාර්ථකව එය කරගත නොහැකි වීම ගැන පසු තැවෙමින් අනාගත දිනක තම දියනිය සමග ඒ කඩ ඉමට මුහුණ දෙන්නට වෙර දරන්නියක්
නමුත් ඇය දැන් බුද්ධිය, දැනුම තිබෙන්නේ සහතික පත්‍රයක නොව තම සිත තුල බවත් අධ්‍යාපනය යනු හුදෙක් උපාධියක් පමණක් නොවන බවත් ලොවටම හෙලිකොට ඇත.
ලබන සිකුරාදා (01/08/2014) ඇය සජීව ලෙසින් තරඟයේ අවසන් පැනයට මුහුණ දෙනු ඇති. අපි ඇයට සුභ පතමු.!
*****************************
මෙවන් තරඟ සංවිධානය කරමින් සැඟවුනු දක්ෂයින් කළඑළි බස්සන දෙරණ මාධ්‍ය ජාලයටත් සිරස මාධ්‍ය ජාලයටත් අපි ස්තූතිවන්ත වෙමු.
Saturday, July 26, 2014
Saturday, July 5, 2014
වතුසුදු
ටිකකාලෙකින් මොකුත් ලියන්න බැරිවුනා.ලියන්න බොහෝ දේ රටේ නම් සිදුවුනා.ඒත් ඒ දේවල් පිළිබඳ කතාකිරීමත් බොහොම අප්‍රසන්න නිසා අපි අපේ අත්වලට අපිම විලංගු දාගත්තා.
අපි ප්‍රසන්න දෙයක් කතා කරමු!
"මල්"
මල් කිව්වහම ඉතින් කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ මූණු මල් වගේ පිරිලා ඉහේ මලක් පිපිච්ච ගානට එනව නේ.
ඒත් අපි කියන්නෙ ෆෝන් එකෙන් කඩන ඒ මල් ගැන නෙවෙයි.ගස්වල හැදෙන සුවඳ හමන සැබෑ මල් ගැන.
ඇත්තටම මල් හැදෙන්නෙ මොකටද?
5 වසරෙ පොඩි එකෙක්ගෙන් ඇහුවත් කියයි නේ?!
මල් තමයි සපුෂ්ප ශාඛවල අනාගත පැවැත්ම තීරණය කරන්නෙ,නේද? ඒකියන්නෙ මල්පරාගණය වෙලා හැදෙන ඵල තමයි ඒ ඒ ශාඛවල මීලඟ පරම්පරාව බිහි කරන්නෙ. ඒක තමයි සරළව ගත්තොත් මලකින් ගසකට ඇති ප්‍රයෝජනය.
ඒත්...
එම ප්‍රයෝජනය නොදෙන මල් ද ගස් විසින් ලොවට තිළිණ කරනවා. කවුරුත් දන්න "වතුසුදු" මල් කිසිම දිනක ඵල දරණව ද? එසේනම් ගසට ඉන් ඇති ප්‍රයෝජනය කුමක් ද? සුවඳක් ද නැති මේ මල කුමණ කරුණක් උදෙසා පිපෙන්නේ ද? බෞද්ධයා බුදු පුදට ගැනීම වෙනුවෙන් යොදා නොගන්නට මේ මලින් ගසේ ප්‍රචාරණයට සෙතක් වේ ද? බෞද්ධයින් නැති ලොවක ගසේ පැවැත්ම තහවුරු කරන්නෝ කවුරුන් ද?
නමුත් වතුසුදු ගස ලොවට එක් ආදර්ශයක් දෙයි, එනම් තමාට පලක් නොවුන ද මිනිස් පිරිසකට විපුල ඵල ද කෘමි සතුන්ට අහර ද සපයන දෙයක් තව දුරටත් සිය ශක්තිය වැය කරමින් දරා සිටීමයි. වතුසුදු ඇත්තටම පින්වත් ශාඛයකි.
ඔබේ අදහස කුමක් ද?

Thursday, June 12, 2014
පබිලිස් ගේ අබිලික් වැඩ.
අද පොසොන් පුන් පොහොය දිනයයි. අනුබුදු මිහිඳු හිමියන් ලක් දිවට වැඩමවා ලංකාව සියළු සතුන්ට අභය භූමියක් මෙන්ම බුද්ධිමතුන්ට නිවන් මග පෙන්වන ක්ෂේම භූමියක් කළ බව ඔබ අප සැවොම දනී. ඉතින් එදා සිට අද දක්වා සැදැහැවත් බොදු ජනයා පොහෝ දිනයට බොහෝ පිං කම් කරති. ඒ පිං කම් විවිධ ස්වරූප ගත්තත් කෙසේ හෝ හොඳ දේ කෙරෙන නිසා අපි මැදහත් සිතින් ඒ දෙස බලා තුටු වෙමු.
ඒත්...
අද අපි මහත් කණගාටු දායක පිං(හෝ පව්)කමක් දුටිමු. ඒ හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අතරතුරයි. රටේ නමක් දිනා සිටින සූපවේදි පබිලිස් සිල්වා ප්‍රමුඛ පිරිසක් සෝමාවතී සෑරදුන් වෙත බුද්ධ පූජාව ලෙස "තිරුවානා ගල්" හොද්දක් පූජා කිරීමයි.
ඔහු දක්ස සූපවේදියකු (ගමේ බසින් "වැඩ්ඩෙක්") විය හැකිය. ඔහුට ඕනෑම දහ ජරාවක් ආහාරයක් බවට පෙරලා නමක් යොදා මේ රටේ සිටින තෘණ භක්ෂක මනුසතුන්ට පිලිගැන්විය හැකිය.ඒ ඔහු මාධ්‍ය මගින් ඒ තරමටම පුම්බා ඇති බැවිනි.
නමුත්...
අනන්තජින වූ තුන්ලොකාග්‍ර වු ගෞතම ශ්‍රී සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ දක්ෂිණ ශ්‍රී දළදා වහන්සේ වැඩ වෙසෙන සෝමාවතී සෑ රදුන්ට ගල් හොදි පූජා කරන්න ඔහුට හයියක් ආවේ කෙසේ ද? අප බුද්ධ පූජා තබන්නේ හිස් ගඩොල් ගොඩවල් වලටවත් මැටි ගොඩවල් හෝ ලෝහ ගොඩවල් වලට නොව සම්මා සම්බුදු රජාණන්වහන්සේට ය,උන්වහන්සේගේ අනන්ත ගුණ මහිමයටය.
ඉතින් අද බුදු හිමි වැඩ සිටියානම් ඔය පබිලිස් උන්වහන්සේට ගල්හොදි පුදයි ද? පිදුවත් මේ මුග්ධයා කෙරේ ද පතල මහා කරුණාවෙන් උන්වහන්සේ එය පිලිගනු ඇත. ඒත් පුහුදුන් අපට මෙය මහත් වේදනාවකි, මේ බූ...ට බුදුන් පුදන්නට වෙන දෙයක් මේ රටේ නැති ද? අඩුම ගනනේ දළදා මාලිගාවේ මෙවන් පූජාවක් තබන්නට එම ස්ථානයෙන් මොහුට අවසර ලැබෙයි ද? නැත! එසේ නම් ඇයි සෝමාවති පුද බිමේ මෙම අඩු සැලකිල්ල!
හිරු මාධ්‍ය ජාලයේ පාලකයින් ගේ තරම ද අද ලොවට හෙලි වුනා යයි අපට හැඟේ.අමුලිකා ශ්‍රද්ධාවේ තරම...!
අපේ අදහස නම් හිරු ආයතනයත්,මැටි මෝල් පබිලියාත් සියළු ලෝකවාසි බෞද්ධයන්ගෙන් සමාව ගතයුතු බවයි.
ප.ලි.(13/06/2014 - 20:44)
මේ පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න... එහි 4වන විනාඩියට පසු හොඳින් බලන්න.
http://www.youtube.com/watch?feature=player_embedded&v=U63ktcPj6eY&list=PLN-MLMEqduVnW-Usb_vz9wuA3wpvU2Mwk

Sunday, June 8, 2014
ගම්මංපිලගේ සීයේ අය-වැය කෝ?!
ආරිය සිංහල ඇඳුමින් සැරසී නිබඳ සිනා මුවින් අප අමතන සුපේෂල ශික්ෂාකාමී පරම පවිත්‍ර දේශපාලක උතුමෙකු වන උදය ප්‍රභාත් ගම්මංපිල මහතා පසුගිය බස්නාහිර පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වූ බව සියළු ලාංකිකයන්ට(විශේෂයෙන්ම සිහළුන්ට) මතක ඇතැයි අපි සිතමු.
එතුමානෝ ඡන්ද වියදම් සෙවූ ආකාරය මතක ද?
හුදී ජනයා සිය පහන් සංවේගයෙන් රුපියල් සියය බැගින්(අවම) පිරිනැමූ බවත් දිනෙන් දින ගිණුම වර්ධනය වූ බවත් ඡන්ද කාලයේ නැවුම් වීදුරු තහඩුවක් මෙන් පැහැදිලි විනිවිද ස්වභාවයකින් ඉදිරිපත් කෙරිණි.තමා ඡන්දයට පසුව(මතක ඇති පරිද මාසයකින්) මේ සීයේ සාධු ගිණුමට සිදුවූ දේ "අය-වැය" ලෙස ඉදිරිපත් කරනුලබන බව සූකිරි සිනා මුවින් ම පැවසූ බව අපිට දැන් ඡායාමාත්‍ර ලෙස මතක් වන්නේය. මේ ලිපිය කියවන ඔබ යම් ලෙසකින් එම වාර්ථාව දුටුවේ නම් අපව ද දැනුම්වත් කරනලෙස ඉල්ලා සිටිමු.
ඇතැම් විට ඔවුන්ගේ ධර්ම රාජ්‍යයේ කාලය අපේ ඔරලෝසු වේලාවට වඩා වෙනස් වීම හේතුකොට තවම ඊට කාලය නොපැමිණි නිසා ඉදිරිපත් නොකලා ද විය හැකිය.ඇතැම් විට තවම ගණිනවා විය හැක.මන්ද එතුමාට ඇති ගිණියනොහැකි වැඩ අතරේ ලැබෙන සුළු විවෙිකයේ දී මේ කටයුතු ද කෙරෙන නිසා පමා විය හැකි බව අප තේරුම් ගතයුතු බව මේ ලියන අතරතුර තේරුම් ගියෙමු.
"සිංහලයාට ඕනෑම දෙයක් මතක තියන්නේ මාසයයි" යනුවෙන් කිසියම් අමනයෙකු කී බව සිංහලයන් ලෙස මතක තිබීම අපිටම පුදුමයක් වුවත් සිංහලයන් ගැන හොඳින්ම දන්නා එහි උරුමකරුවන්ට එය ලියා තබාගෙන නිතර මෙනෙහි කරන පිරිසක් ලෙස මෙවන් උතුමන්ලා ද පුදුම වනු ඇති ද?
සියයේ අය-වැය නොදුටු පිරිසක් ලෙස අපිට පැවසිය හැකි එකමදේ නම් "සිනහවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා" යන්න පමණි.
දකුණේ අපිට නම් මේ පිලිබඳ ලොකු දුකක් නැතත් මෙසේ මේ ගැන සිහිපත් කලේ සිංහලයා ගැන ඉහත අමන ප්‍රකාශය කල ත්‍රස්තවාදී අමනයාගේ කථාව බොරු කිරීමට හා බස්නාහිර මිනිසුන් ගේ අදහස දැනගැනීමටත් පමණි...

Sunday, May 18, 2014
බියෙන් තොර රටක් වෙනුවෙන් වෙහෙසුනු ඔබට උපහාර වේවා!
රට ජාතිය කුරිරු ත්‍රස්තවාදයෙන් ගලවාගැනීමට වෙහෙසුනු සියළු රණවිරුවන්ටත් ඒ පිටුපස සිටි අතිගරු ජනපති ඇතුළු පාලනාධිකාරියටත්,සියළු හමුදාපතිවරුන්ටත් අපේ උපහාරය...
අපිට තව පුංචි දෙයක් හිතුනා, අද රණවිරුවන් පීඨිකාවෙ තියලා මැති ඇමතිවරු,මහ ජනතාව පෙළපාලියේ ගියානම් නියම උපහාරයක් වෙයි නේ!!!
උපහාර ලද යුත්තන්ම උපහාර ලබත්වා...
මොකද හිතන්නෙ?

Subscribe to:
Posts (Atom)