ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Thursday, June 12, 2014

පබිලිස් ගේ අබිලික් වැඩ.

අද පොසොන් පුන් පොහොය දිනයයි. අනුබුදු මිහිඳු හිමියන් ලක් දිවට වැඩමවා ලංකාව සියළු සතුන්ට අභය භූමියක් මෙන්ම බුද්ධිමතුන්ට නිවන් මග පෙන්වන ක්ෂේම භූමියක් කළ බව ඔබ අප සැවොම දනී. ඉතින් එදා සිට අද දක්වා සැදැහැවත් බොදු ජනයා පොහෝ දිනයට බොහෝ පිං කම් කරති. ඒ පිං කම් විවිධ ස්වරූප ගත්තත් කෙසේ හෝ හොඳ දේ කෙරෙන නිසා අපි මැදහත් සිතින් ඒ දෙස බලා තුටු වෙමු.

ඒත්...

අද අපි මහත් කණගාටු දායක පිං(හෝ පව්)කමක් දුටිමු. ඒ හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අතරතුරයි. රටේ නමක් දිනා සිටින සූපවේදි පබිලිස් සිල්වා ප්‍රමුඛ පිරිසක් සෝමාවතී සෑරදුන් වෙත බුද්ධ පූජාව ලෙස "තිරුවානා ගල්" හොද්දක් පූජා කිරීමයි.

ඔහු දක්ස සූපවේදියකු (ගමේ බසින් "වැඩ්ඩෙක්") විය හැකිය. ඔහුට ඕනෑම දහ ජරාවක් ආහාරයක් බවට පෙරලා නමක් යොදා මේ රටේ සිටින තෘණ භක්ෂක මනුසතුන්ට පිලිගැන්විය හැකිය.ඒ ඔහු මාධ්‍ය මගින් ඒ තරමටම පුම්බා ඇති බැවිනි.

නමුත්...

අනන්තජින වූ තුන්ලොකාග්‍ර වු ‍ගෞතම ශ්‍රී සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ දක්ෂිණ ශ්‍රී දළදා වහන්සේ වැඩ වෙසෙන සෝමාවතී සෑ රදුන්ට ගල් හොදි පූජා කරන්න ඔහුට හයියක් ආවේ කෙසේ ද? අප බුද්ධ පූජා තබන්නේ හිස් ගඩොල් ගොඩවල් වලටවත් මැටි ගොඩවල් හෝ ලෝහ ගොඩවල් වලට නොව සම්මා සම්බුදු රජාණන්වහන්සේට ය,උන්වහන්සේගේ අනන්ත ගුණ මහිමයටය.

ඉතින් අද බුදු හිමි වැඩ සිටියානම් ඔය පබිලිස් උන්වහන්සේට ගල්හොදි පුදයි ද? පිදුවත් මේ මුග්ධයා කෙරේ ද පතල මහා කරුණාවෙන් උන්වහන්සේ එය පිලිගනු ඇත. ඒත් පුහුදුන් අපට මෙය මහත් වේදනාවකි, මේ බූ...ට බුදුන් පුදන්නට වෙන දෙයක් මේ රටේ නැති ද? අඩුම ගනනේ දළදා මාලිගාවේ මෙවන් පූජාවක් තබන්නට එම ස්ථානයෙන් මොහුට අවසර ලැබෙයි ද? නැත! එසේ නම් ඇයි සෝමාවති පුද බිමේ මෙම අඩු සැලකිල්ල!

හිරු මාධ්‍ය ජාලයේ පාලකයින් ගේ තරම ද අද ලොවට හෙලි වුනා යයි අපට හැඟේ.අමුලිකා ශ්‍රද්ධාවේ තරම...!

අපේ අදහස නම් හිරු ආයතනයත්,මැටි මෝල් පබිලියාත් සියළු ලෝකවාසි බෞද්ධයන්ගෙන් සමාව ගතයුතු බවයි.

ප.ලි.(13/06/2014 - 20:44)
මේ පිලිබඳ වැඩි දුර තොරතුරු සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න... එහි 4වන විනාඩියට පසු හොඳින් බලන්න.
http://www.youtube.com/watch?feature=player_embedded&v=U63ktcPj6eY&list=PLN-MLMEqduVnW-Usb_vz9wuA3wpvU2Mwk
                                                                             

Sunday, June 8, 2014

ගම්මංපිලගේ සීයේ අය-වැය කෝ?!

ආරිය සිංහල ඇඳුමින් සැරසී නිබඳ සිනා මුවින් අප අමතන සුපේෂල ශික්ෂාකාමී පරම පවිත්‍ර දේශපාලක උතුමෙකු වන උදය ප්‍රභාත් ගම්මංපිල මහතා පසුගිය බස්නාහිර පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වූ බව සියළු ලාංකිකයන්ට(විශේෂයෙන්ම සිහළුන්ට) මතක ඇතැයි අපි සිතමු.

එතුමානෝ ඡන්ද වියදම් සෙවූ ආකාරය මතක ද?

හුදී ජනයා සිය පහන් සංවේගයෙන් රුපියල් සියය බැගින්(අවම) පිරිනැමූ බවත් දිනෙන් දින ගිණුම වර්ධනය වූ බවත් ඡන්ද කාලයේ නැවුම් වීදුරු තහඩුවක් මෙන් පැහැදිලි විනිවිද ස්වභාවයකින් ඉදිරිපත් කෙරිණි.තමා ඡන්දයට පසුව(මතක ඇති පරිද මාසයකින්) මේ සීයේ සාධු ගිණුමට සිදුවූ දේ "අය-වැය" ලෙස ඉදිරිපත් කරනුලබන බව සූකිරි සිනා මුවින් ම පැවසූ බව අපිට දැන් ඡායාමාත්‍ර ලෙස මතක් වන්නේය. මේ ලිපිය කියවන ඔබ යම් ලෙසකින් එම වාර්ථාව දුටුවේ නම් අපව ද දැනුම්වත් කරනලෙස ඉල්ලා සිටිමු.

ඇතැම් විට ඔවුන්ගේ ධර්ම රාජ්‍යයේ කාලය අපේ ඔරලෝසු වේලාවට වඩා වෙනස් වීම හේතුකොට තවම ඊට කාලය නොපැමිණි නිසා ඉදිරිපත් නොකලා ද විය හැකිය.ඇතැම් විට තවම ගණිනවා විය හැක.මන්ද එතුමාට ඇති ගිණියනොහැකි වැඩ අතරේ ලැබෙන සුළු විවෙිකයේ දී මේ කටයුතු ද කෙරෙන නිසා පමා විය හැකි බව අප තේරුම් ගතයුතු බව මේ ලියන අතරතුර තේරුම් ගියෙමු.

"සිංහලයාට ඕනෑම දෙයක් මතක තියන්නේ මාසයයි" යනුවෙන් කිසියම් අමනයෙකු කී බව සිංහලයන් ලෙස මතක තිබීම අපිටම පුදුමයක් වුවත් සිංහලයන් ගැන හොඳින්ම දන්නා එහි උරුමකරුවන්ට එය ලියා තබාගෙන නිතර මෙ‍නෙහි කරන පිරිසක් ලෙස මෙවන් උතුමන්ලා ද පුදුම වනු ඇති ද?

සියයේ අය-වැය නොදුටු පිරිසක් ලෙස අපිට පැවසිය හැකි එකමදේ නම් "සිනහවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා" යන්න පමණි.

දකුණේ අපිට නම් මේ පිලිබඳ ලොකු දුකක් නැතත් මෙසේ මේ ගැන සිහිපත් කලේ සිංහලයා ගැන ඉහත අමන ප්‍රකාශය කල ත්‍රස්තවාදී අමනයාගේ කථාව බොරු කිරීමට හා බස්නාහිර මිනිසුන් ගේ අදහස දැනගැනීමටත් පමණි...





Sunday, May 18, 2014

බියෙන් තොර රටක් වෙනුවෙන් වෙහෙසුනු ඔබට උපහාර වේවා!

රට ජාතිය කුරිරු ත්‍රස්තවාදයෙන් ගලවාගැනීමට වෙහෙසුනු සියළු රණවිරුවන්ටත් ඒ පිටුපස සිටි අතිගරු ජනපති ඇතුළු පාලනාධිකාරියටත්,සියළු හමුදාපතිවරුන්ටත් අපේ උපහාරය...


අපිට තව පුංචි දෙයක් හිතුනා, අද රණවිරුවන් පීඨිකාවෙ තියලා මැති ඇමතිවරු,මහ ජනතාව පෙළපාලියේ ගියානම් නියම උපහාරයක් වෙයි නේ!!!

උපහාර ලද යුත්තන්ම උපහාර ලබත්වා...

මොකද හිතන්නෙ?

Tuesday, May 13, 2014

නමාමි බුද්ධං!!!

තිලොවට සණරාමර සුව කැන්දූ අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේ ගේ තෙමගුල එනම් සිදුහත් උපත,ගෞතම සම්බුද්ධ නමින් බුදු වීම,මහා පරිනිර්වාණය යන කාරණා සිදුවු වෙසක් පුන් පොහොය දිනය හෙටයි.

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා ප්‍රඤ්ඥාධික බුදු වරයකු වන්නට මහාමායා දේවියගේ කුස පිලිසිඳ ගන්නට පෙර බෝසතාණෝ තුසිතදෙව්ලොව වැඩසිටි සේක.දේවාරාධනය අනුව පංචමහාවිලොකනයෙන් සුදුසු කල එළැබි බව වටහාගත් එතුමාණෝ මනුලොවට සම්ප්‍රාප්ත වීම සිදුකළහ.

කිඹුල්වත් නුවරත් දෙව්දහ නුවරත් අතර ලුම්ඹිණි සල් උයනේ දී සිය අවසන් භවය වන සිදුහත් බෝසත් උත්පත්තිය සිදුවිය.අපායේ ගිණිදැල් පවා මොහොතකට නිවී ගියේ ය.මිහිමව සිය උත්කෘෂ්ඨ මනුෂ්‍යරත්නය  පිලිගත්තේ නෙළුම් මල් පිරි දොතිනි.

මහත් ආශ්චර්යයන් සිදුකරමින් සිදුහත් කුමාරයාණෝ යෙහෙන් උගත් අතර නිසි කළ දී ජාති ජාතිත් පතා ආ තරැණිය,යශෝධරා දේවිය සමග විවාපත් විය.

කල් ගතවත්ම සතර පෙරනිමිති සහ නලඟනන්ගේ විප්‍රකාර දැක සසර පිලිඹද කලකිරුණු බොසතාණෝ සිය පුත් රාහුල කුමරු උපන් දින කන්ථක අසු පිට නැගී ඡන්න ඇමති සමඟ මහා අභිණිෂ්ක්‍රමණය කලහ.

පසුව විවිධ ආචාරවරුන් යටතේ සත්‍යාවබෝධයට උත්සාහ කල එතුමාණෝ,ඒ කිසිවකු සතුව තමා සොයන සත්‍ය නොමැති බව වටහාගෙන තනිවම ඊට උත්සාහ දැරීය.සය වසක් අති දුෂ්කරක්‍රියා සිදුකළ එතුමාණන්ට පස්වග මහණුන් උපස්ථාන කලහ.

දුෂ්කර පිලිවෙතේ අසාර්ථක බව වටහාගත් බෝසතාණෝ මැදුම් පිලිවෙතට පිවිසියාහ.පස්වග මහණුන් නික්මුනි.

වෙසක් පුන්පොහෝ දිනට පෙර දින දී සුජාතා සිටු දුවගේ කිරිපිඬු දානය වැලදු බෝසතානෝ චතුරංගසමන්නාගත වීරියෙන් ඇසතු රුක් මුල වැඩ භාවනානුයෝගී විය.දුක,දුකට හේතුව,දුක නැති කිරීමේ මග,දුක නැති කිරීම යන චතුරාර්ය සත්‍ය අවබෝධකරගත් උතුමාණෝ භව ගමනේ රඳවා තබන තණ්හා,මෝහය,භය ආදි බැමි කඩා භවගාමි ගෘහයේ කැණිමඩල ද කඩා බිමට සමතලා කල දැමූහ. මාර සේනාව නොයෙක්‍ වෙස් ගෙන උතුමණ් නැවැත්වීමට හැදුවද එය නිෂ්ඵල විය. මිහිකත කම්පා කරමින් බෝසතාණෝ බුද්ධත්වයට පත්විය.....වෙසක් පොහෝ දිනය උදාවී තිබිණි... ඇසතු ගස බෝධීන්වහන්සේ විය.

බුදුන් වහන්සේ පන්සාලිස් වසක් ගම් නියම්ගම් සැරිසරමින්,අසරණ භවගාමි ජනයා භවදුකින් මුදවාගැනීමට සූඅසූහාරදහසක් වූ පරිපූර්ණ වූ බුද්ධිමතුන්ට අවබෝධපිනිස වන්නාවු ධර්මස්කන්ධයක් දේශනාකොට වදාළාහ.

අසු හතර වන වියට පිවිස රෝගි සහ වයෝවෘද්ධව සිටි තථාගතයාණෝ මහත් වෙහෙස ගෙන මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල් උයනට පිවිසි සේක.සල් ගස් දෙකක් අතර ආසනයක් පනවාගත් උන්වහන්සේ. භික්ෂු සංඝයා අතුලු රැස්ව සිට දෙවි මිනිස් සියල්ලන්ටම දම් දෙසු සේක. අළුයම් යාමයේ නැවතද මහ පොළව කම්පා කරමින් අහස ගුගුරුවා ලමින් සෝ පලකරද්දී සමාපත් සුවයට පිවිස, පිරිනිර්වාණය කල සේක.
"වයධම්ම සංඛාරා-අප්පමාදේන සම්පාදේත" සියළු සංස්කාරධර්මයෝ නැසෙන සුළුය-නොපමාව කුසල් දහම් වඩන්න..... ඒ අවසන් බුද්ධ වචන යයි.

ඉතින් බෞද්ධයිනි ඔබ නොපමා විය යුත්තේ නොවේ ද....? කිතුබැතිමතුනි ඔබ ද ඉස්ලාම් බැතිමතුනි ඔබ ද කුමන අන් ආගමක සිටියත් ඔබ මිනිසකු නම් නොපමා විය යුතුමය. සම්බුද්ධ දේශනාව ආගමක් නොව සනාතන දහමකි.අවබෝධ කර ගනිත්වා!

(බුද්ධිමතුනි, සදොස් තැන් වෙතොත් නිදොස් කරනු මැනවි.)



Tuesday, May 6, 2014

ගානක් හොයාගන්න පොටක් !?!

අළුත් වැඩක් සෙට් උනා... මේක මේ අන්තර්ජාල මුදල් ඉපයීම් ක්‍රමයක්. ඇත්ත බොරු තාම දන්නෙ නෑ. මේ අත්හදා බැලීමක් විතරයි.









Payloog කියලා අයතනයකින් තමයි කරන්නෙ. ඇඩ් ක්ලික් කිරීමක් නෙවි. එයාල සමග ලියාපදිංචි වෙලා එයාලගෙ ලින්ක් එකක් සමාජ ජාල හරහා ප්‍රචාරය කිරීමයි කරන්න තියන්නෙ.

බලමු අපිට සල්ලි ලැබුනොත් ඔයාලට "අනිවා" කියනවා..රැඳෙන්න අපි සමඟම.

(මේ වැඩේ කලින් කරපු අය ඉන්නවා නම් අපිවත් දැනුම්වත් කරන්න)

http://payloog.com/?invite=435907