ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Tuesday, May 13, 2014

නමාමි බුද්ධං!!!

තිලොවට සණරාමර සුව කැන්දූ අමාමෑණී ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේ ගේ තෙමගුල එනම් සිදුහත් උපත,ගෞතම සම්බුද්ධ නමින් බුදු වීම,මහා පරිනිර්වාණය යන කාරණා සිදුවු වෙසක් පුන් පොහොය දිනය හෙටයි.

සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා ප්‍රඤ්ඥාධික බුදු වරයකු වන්නට මහාමායා දේවියගේ කුස පිලිසිඳ ගන්නට පෙර බෝසතාණෝ තුසිතදෙව්ලොව වැඩසිටි සේක.දේවාරාධනය අනුව පංචමහාවිලොකනයෙන් සුදුසු කල එළැබි බව වටහාගත් එතුමාණෝ මනුලොවට සම්ප්‍රාප්ත වීම සිදුකළහ.

කිඹුල්වත් නුවරත් දෙව්දහ නුවරත් අතර ලුම්ඹිණි සල් උයනේ දී සිය අවසන් භවය වන සිදුහත් බෝසත් උත්පත්තිය සිදුවිය.අපායේ ගිණිදැල් පවා මොහොතකට නිවී ගියේ ය.මිහිමව සිය උත්කෘෂ්ඨ මනුෂ්‍යරත්නය  පිලිගත්තේ නෙළුම් මල් පිරි දොතිනි.

මහත් ආශ්චර්යයන් සිදුකරමින් සිදුහත් කුමාරයාණෝ යෙහෙන් උගත් අතර නිසි කළ දී ජාති ජාතිත් පතා ආ තරැණිය,යශෝධරා දේවිය සමග විවාපත් විය.

කල් ගතවත්ම සතර පෙරනිමිති සහ නලඟනන්ගේ විප්‍රකාර දැක සසර පිලිඹද කලකිරුණු බොසතාණෝ සිය පුත් රාහුල කුමරු උපන් දින කන්ථක අසු පිට නැගී ඡන්න ඇමති සමඟ මහා අභිණිෂ්ක්‍රමණය කලහ.

පසුව විවිධ ආචාරවරුන් යටතේ සත්‍යාවබෝධයට උත්සාහ කල එතුමාණෝ,ඒ කිසිවකු සතුව තමා සොයන සත්‍ය නොමැති බව වටහාගෙන තනිවම ඊට උත්සාහ දැරීය.සය වසක් අති දුෂ්කරක්‍රියා සිදුකළ එතුමාණන්ට පස්වග මහණුන් උපස්ථාන කලහ.

දුෂ්කර පිලිවෙතේ අසාර්ථක බව වටහාගත් බෝසතාණෝ මැදුම් පිලිවෙතට පිවිසියාහ.පස්වග මහණුන් නික්මුනි.

වෙසක් පුන්පොහෝ දිනට පෙර දින දී සුජාතා සිටු දුවගේ කිරිපිඬු දානය වැලදු බෝසතානෝ චතුරංගසමන්නාගත වීරියෙන් ඇසතු රුක් මුල වැඩ භාවනානුයෝගී විය.දුක,දුකට හේතුව,දුක නැති කිරීමේ මග,දුක නැති කිරීම යන චතුරාර්ය සත්‍ය අවබෝධකරගත් උතුමාණෝ භව ගමනේ රඳවා තබන තණ්හා,මෝහය,භය ආදි බැමි කඩා භවගාමි ගෘහයේ කැණිමඩල ද කඩා බිමට සමතලා කල දැමූහ. මාර සේනාව නොයෙක්‍ වෙස් ගෙන උතුමණ් නැවැත්වීමට හැදුවද එය නිෂ්ඵල විය. මිහිකත කම්පා කරමින් බෝසතාණෝ බුද්ධත්වයට පත්විය.....වෙසක් පොහෝ දිනය උදාවී තිබිණි... ඇසතු ගස බෝධීන්වහන්සේ විය.

බුදුන් වහන්සේ පන්සාලිස් වසක් ගම් නියම්ගම් සැරිසරමින්,අසරණ භවගාමි ජනයා භවදුකින් මුදවාගැනීමට සූඅසූහාරදහසක් වූ පරිපූර්ණ වූ බුද්ධිමතුන්ට අවබෝධපිනිස වන්නාවු ධර්මස්කන්ධයක් දේශනාකොට වදාළාහ.

අසු හතර වන වියට පිවිස රෝගි සහ වයෝවෘද්ධව සිටි තථාගතයාණෝ මහත් වෙහෙස ගෙන මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල් උයනට පිවිසි සේක.සල් ගස් දෙකක් අතර ආසනයක් පනවාගත් උන්වහන්සේ. භික්ෂු සංඝයා අතුලු රැස්ව සිට දෙවි මිනිස් සියල්ලන්ටම දම් දෙසු සේක. අළුයම් යාමයේ නැවතද මහ පොළව කම්පා කරමින් අහස ගුගුරුවා ලමින් සෝ පලකරද්දී සමාපත් සුවයට පිවිස, පිරිනිර්වාණය කල සේක.
"වයධම්ම සංඛාරා-අප්පමාදේන සම්පාදේත" සියළු සංස්කාරධර්මයෝ නැසෙන සුළුය-නොපමාව කුසල් දහම් වඩන්න..... ඒ අවසන් බුද්ධ වචන යයි.

ඉතින් බෞද්ධයිනි ඔබ නොපමා විය යුත්තේ නොවේ ද....? කිතුබැතිමතුනි ඔබ ද ඉස්ලාම් බැතිමතුනි ඔබ ද කුමන අන් ආගමක සිටියත් ඔබ මිනිසකු නම් නොපමා විය යුතුමය. සම්බුද්ධ දේශනාව ආගමක් නොව සනාතන දහමකි.අවබෝධ කර ගනිත්වා!

(බුද්ධිමතුනි, සදොස් තැන් වෙතොත් නිදොස් කරනු මැනවි.)



Tuesday, May 6, 2014

ගානක් හොයාගන්න පොටක් !?!

අළුත් වැඩක් සෙට් උනා... මේක මේ අන්තර්ජාල මුදල් ඉපයීම් ක්‍රමයක්. ඇත්ත බොරු තාම දන්නෙ නෑ. මේ අත්හදා බැලීමක් විතරයි.









Payloog කියලා අයතනයකින් තමයි කරන්නෙ. ඇඩ් ක්ලික් කිරීමක් නෙවි. එයාල සමග ලියාපදිංචි වෙලා එයාලගෙ ලින්ක් එකක් සමාජ ජාල හරහා ප්‍රචාරය කිරීමයි කරන්න තියන්නෙ.

බලමු අපිට සල්ලි ලැබුනොත් ඔයාලට "අනිවා" කියනවා..රැඳෙන්න අපි සමඟම.

(මේ වැඩේ කලින් කරපු අය ඉන්නවා නම් අපිවත් දැනුම්වත් කරන්න)

http://payloog.com/?invite=435907

Friday, April 25, 2014

අාණ්ඩුවට කැසිනෝ... විපක්ෂයට කසනෝ... අපිට ඇඬෙනෝ!

උපායමාර්ගික සංවර්ධන පනත වශයෙන් හෝ කැසිනෝ පනත වශයෙන් හෝ හඳුන්වන පනතක් රජය නැවත ගෙන එනවා ලු.එහි අන්තර්ගතය කෙබඳු දැයි මහජනතාව සත්‍යවශයෙන්ම නොදනී. විපක්ෂය එකක් කියයි.රජය තවෙකක් කියයි.අපි කුමක් විශ්වාස කරමු ද?

දෙපැත්තේම අය කියනදේ කරන,කරනදේ කියන ස්වභාවය අතින් අපේ හදවත් එ් තරමටම දිනාගෙන ඇත.

පැකර් නම් කුප්‍රකට ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් අත්තේ එතරම් යහපත් පිලිගැනීමක් නොවන නිසා ඔහුගේ පැමීනීම සිදුවන්නේ නම් විපක්ෂයේ අදහස් පැත්ත බරවන්නේය.අනික පැකර්ට දෙන්නේත් දැනට අනිකුත් ව්‍යපාරිකයන්ට දෙන සහන නම්,රජය දහ අතේ දිව්රන පරිදි කැසිනෝ ද නැති නම් අළුත් පනතක් කුමටද?

ප්‍රධාන විපක්ෂයේ ඉතිහාසය අනුව ගත්කල ඔවුන් බලයේ සිටියදි පැකර් ආගමනය වුවානම් ඔවුන් පැකර්ට රතුපලස් එලා මල් දම් පළඳවා පිලිනොගනිතැයි සිතිය හැකි ද?

විපක්ෂයට කැසීම සෑදෙන්නේ ආණ්ඩුව කැසිනෝගසන විටදීය. මේ දෙස බලා සිටින ජහමනයාට ඇඬෙන්නේය.

Wednesday, April 9, 2014

අවුරුදු , ජ්‍යෙතිෂ්‍ය සහ නොනගතය!

සිංහල අවුරුද්දට සාප්පු සවාරි ගිහින් දැන් කවුරුත් අවුරුදු සමරන්න සූදානම් ඇති කියලා අපි හිතනවා. ජ්‍යොතිෂ්‍ය අනුව සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීම ලු   අවුරුද්ද කියන්නෙ (අපි දන්න විදියට නම් සූර්යයා කොහේවත් යන්නෙ නෑ). කොහොම හරි කමක් නෑ කියමු කෝ... 

මේක නේ පුරස්නෙ!

අපේ මේ නැකැත් අතර පුණ්‍යකාලය එහෙමත් නැත්නං නොනගතය කියලා කොටසක් තියනවා නේ ද? ඒ කියන්නෙ නැකැත් නැති වෙලාව ලු! මාර වැඩේ කියන්නෙ අනිත් අවුරුදු නැකැත් සේරම යෙදෙන්න‍ෙ මේ කාලය ඇතුලතමයි!

මේ පාර 14 වෙනිදා උදේ 1.13ට පටන්ගන්න නොනගතය හවස 2.01 වෙනකල් තියනවලු මේ කාලේ කිසිම වැඩක් හොඳ නෑ ලු. කරුමෙ කියන්නේ වැඩ අල්ලන නැකත එ‍න්නෙ 14 උදේ 11.05ට නොනගතේ වැඩ කරන්නෙ කොහොමද? හැම සැරේම මෙහෙම තමයි.

එක්කො අවුරුදු උදාවෙන නැකතින් නොනගතය ඉවරවෙන්න ඕන!(අපිට හිතෙන විදියට) මේකෙ පොඩි අවුලක් තියනවා නේ ද?

අනික මේ සැරේ ලිප ගිණි මොලවලා (‍උදේ 10.17ට) කෑම මේසෙට 11.05 වෙද්දි තියන්න ඕන.විනාඩි 48 විතර තමයි තියන්නෙ... දර ලිප ඇවිලිලා,නැවුම් මුට්ටිය රත්වෙලා,කිරිබත ඉදෙන්න මේ කාලය ඇති වෙයි ද? ජ්‍යොතිෂ්‍යකරුවො ගෘහණියගෙ අපහසුව දැක නැති ද? ‍ආහ්... ඔව් නේ එයාලා කොහොමත් ගෘහණියව අවුරුදු නැකැත් වලින් හලලා නේ තියන්නේ. ඇයි වැඩ අල්ලන නැකතට කලින් ලිප ගිණි‍මොලවන නැකතෙදි ගෘහණිය වැඩ අල්ලා ඉවරයි නේ.

අනේ ‍කාට කියන්න ද මේ ජ්‍යොතිෂ්‍ය විගඩම්!

Friday, April 4, 2014

ප්‍රවේෂම්වන්න!!!

ලාංකීය ජනගහනයෙන් වැඩි ප්‍රමාණයක ගේ උත්කර්ෂවත් සමය දැන් එළැඹී ඇත.එනම් සිංහල සහ හින්දු අළුත් අවුරුදු සමයයි.එදා ගමට වසන්තය උදාවන බව පවසා සිටියේ කෝකිල නාදයයි. අද එම නාදය ඇසුනත් ඒ ඇසෙන්නේ කොවුල් තුඩකින් නොව රූපවාහිනියෙන් හෝ ගුවන්විදුලියෙනි. අල්පේජ්‍ය දිවිපෙවෙතක් ගතකල එදා ගැමියා තම නිවස පිලිසකර කර තම දුදරුවන් සහ හිතමිතුරන් සමග අහිංසක සතුටක් විඳිමින් ජීවත්වු එම යුගය නිමා වී ඇත.80 දශකයේ සිදුවු විවෘත ආර්ථික ප්‍රතිපත්ති හඳුන්වාදීම නිසා මිනිස් සිතුම්පැතුම් සංකීර්ණ විය.
වෙළඳපොල ආර්ථිකය විසින් ඔබව දැඩිලෙස හසුරුවන සමය දැන් එළැඹී ඇත. ඉදිරි දින කීපයේ දී සෑම අයෙකුම අතේ අතිරේක මුදල් ගැවසෙන බව ඔවුන් දනිති(බෝනස්).දැන් ඔවුන් ඒ මුදල ඔවුන් දෙසට හරවා ගැනීමට විවිධ උපක්‍රම යොදනු ලබයි.ඔබේ අවුරුදු අවසන් වන්නේ ඔවුන්ට අවුරුදු උදාකරමිනි.

සේල්- පැරණි මිල වැඩිකොට සඳහන් කර නැවත කපාදමා අළුත් මිලක් ලෙස පෙන්වීම.

එකක් ගත්තම මොකක් හරි නොමිලේ- දෙවනුව ‍නිකන් දෙන භාන්ඩයේ අගයත් මුල් භාන්ඩයට එකතුකර තිබීම.

පරණ එකට වට්ටමක්- මිල වැඩිකර දක්වා ඇති භාන්ඩයකට එහිම පැරණි භාන්ඩයක් ලබා දුන්විට වට්ටමක් ලබා දීම.(කුණුකන්දල් ඉවත්කර ගැනීමට නම් හොඳයි)

මේ ආදි විවිධ ක්‍රම මගින් පාරිභෝගිකයා ගොනාට ඇන්දවීම මගින් ඔහු සතු මුදල සූරා ගැනීම මෙමගින් සිදුවේ.

එපමණක් නොව නව මාදිලි හඳුන්වා දී ඔබේ ඇස් ගිණිකණ වට්ටවා ඔබට අත්‍යාවශ්‍ය නොවන දෙයක් ඔබට දී අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා යෙදවිය හැකි මුදල් ඔබට අහිමි කීරීමට ද මේ වෙළඳපොල ක්‍රමය පසුබ ට නොවනු ඇත.

එසේම වෙළඳපොල සවාරි යන ඔබේ මුදල් ගැට කපන්නන්ගෙන් පරිස්සම් කරගන්නත් ඔබ වගබලා ගතයුතුයි.මතක තබාගන්න ඔවුන් ද මෙම ක්‍රමයේම අතුරු නිෂ්පාදනයක් බව.(නැත්තෝ ඇත්තන්ගෙන් සොරා ගන්නේ ද විච්චූරණ ගැනුමට නොහැකිවු කලය)

මුලින්ම අවශ්‍ය දේ ලැයිස්තු කරන්න,එයින් අත්‍යාවශ්‍ය දේ තෝරාගන්න.මුදල් ඉතුරු කරගන්න... මොකද අප්‍රේල් 14 දිනෙන් ලෝකය පරිභ්‍රමණය අවසන් නොවන නිසාත්... ඔබත් ලබැඳියනුත් රටට ණය නොවී සිටිය යුතුනිසාත් ය.

හැකිනම් සුරාවට යොදන්න ඉන්න මුදල පිනකට දහමකටවත් දෙන්න... ඔබට සතුට දෙන්නට සුරාවට වඩා එයට හැකි වේවි.

සැහැල්ලු නව වසරක් වේවා!!!!