ආයු‍බෝවන්!!!

කිරියෙන් පැණියෙන් ඉතිරෙන දිනයක් ‍‍වේවා!! ආරම්භය:2012/01/08

Friday, March 30, 2012

අහසින් වැටුනා

ගොඩදෙනෙක් පාසල් සිදුවීම් ලියන නිසා අපිත් හිතුවා පොඩි සීන් එකක් දාන්න. මේක සිදුවුනේ අපේ සගයකුට හා ඔහුගේ යාළුවෙක්ට. 13 වසරේ ඉන්නකොට ගොඩක් අය අන්තිම මාස කීපයේ පාසල් යන්නේ නෑ නේ.ඒත් මේ කියන දවසේ අපේ සගයයි යාළුවෝ 03කුයි පාසල් ගිහින් තිබුනා.එදා පන්තියටම ඉදලාතියන්නේ මේ 04 විතරයි.ඉතින් ඔහොම ඉන්නකොට ඉන්ටර්වල් එකෙන් පස්සේ පට්ට කම්මැලි කමක් දැනිලා.අන්තිම පීරියඩ් කරන ටීචර්නුත් නැතිලු. ඔහොම ඉන්නගමන් එක්කෙනෙක් කිව්වලු "ගෙදර යමන්" කියලා.


හරි දැන් සෙට් එක තාප්පය තරණය කරන්න ප්ලෑන ගහලා ඉවරයි.

ඒත් එක්කෙනෙක් කිරිකෝඩුයි!

ඔන්න හෙමින්සැරේ පන්තියෙන් මාරුවෙලා පිට්ටනිය කෙළවරේ තාප්පෙට කිට්ටු උනා.
එකෙක් පැන්නා!
දෙකායි
අපේ එකයි තුනායි.

දැන් කෝඩුගේ වාරේ. එයා තාම පාසලේ. අනිත් අය පාරෙ අයිනේ. කෝඩුගෙන් ප්‍රතිචාරයක් නෑ ලු!
"පැනපං බං"එකෙක් මෙහා පැත්තෙ ඉදන් කියනවා.

"ඒ බං ප්‍රින්සිපල් ඉන්නවා. මළකෙලියයි. මම පනින්නද බං"

"පොර දකින්න කලිං පැනපිය"

එහෙම කියලා කෝකටත් අපේ අය ලගතිබුනු කඩේ ඇතුළට ගියාලු.ටිකක් වෙලා ගියත් අර පොර නෑ.ඔන්න ටිකකින් අත තාප්පෙන් මතුඋනා.

"හප්පේ ඇති යන්තං එනවා වගේ" අපේ සගයා කව්වා.ඒත් ඊලගට වෙන්න යනදේ වෙන යාළුවෙක් දැක්කා.

"යකෝ අන්න බයෝ ටිචර් එනවා.අද හාෆ්ඩේ දාලා යනවද කොහෙද? අරු අහුවේවිද?"

බයෝ ටිචර් ටිකක් මිටියි. කුඩේ දාගෙන යනකොට කුඩයක් හුළගට යනවා වගේ.අපේ අර කෝඩුකාරයා ප්‍රින්සිපල් එනවද බලබල අහක බලං පැනපි මේ පැත්තට.

අහෝ දුකකි ඉරකි තිතකි !

කෝඩු පැන්නේ ටිචර්ගේ කුඩේ උඩට.ටිචර් අන්දෝ සංසාරයක් දන්නේ නැතුව බිම දපලා ලු.කුඩේ නණ සේරම කුඩු.ඒවා හතර අතේ.

අනේ අපේ කෝඩු මොකක් කරන්නද හිතාගන්න බැරුව, ටිචර් නැග්ට්ටනවද නැද්ද? හිතනවා.පස්සේ මිනිහා බය වැඩිකමට ආයේ තාප්පෙන් එහා පැත්තට පැන්නලු.අපේ අයත් තක්බීර් වෙලා. ටිකකින් ටීචර් නැගිට්ටලු. ඒ වෙද්දි අපේ අය වාෂ්ප වෙලා.ඇයි හිටියොත් වටේ මිනිස්සුත් අල්ලං ගහවි ටිචර් වැටිලත් ලගටවත් ගියේ නැති ළමයි කියලා.

2ට (ඒ කාලේ)පාසල ඇරිලා අවහම කෝඩු ගෙදර ඇවිල්ලා.අවුලක් වෙලා නෑ ආයේ පනිද්දි ප්‍රින්සිපල් ඔෆිස්එකට ගිහිල්ලා.පසුව බලද්දි ටිචර්ටත් වැඩි අමාරුවක් නෑ ලු. අරයා වැටිලා තියන්නේ පැත්තකට.ටිචර් තාම දන්නේ නෑ "අහසින් වැටුනේ" මොකාද කියලා!

5 comments:

  1. හික් හික් හික් ටීචර්ව අන්දොස් වෙන්න ඇති අහසෙන් මොකක්ද වැ‍ටුනේ කියලා..

    ReplyDelete
    Replies
    1. අන්දොස් කියන්නේ... ආයිත් ෆුල් හතරවරං!

      Delete